මගේ හිත ගිය බොහෝ කෙල්ලන් විය . නමුත් ඒ සැමට මගේ එකම ඇල්මක් විය .නමුත් මගේ හදවතින්ම ආදරය කල අය කවදාවත් මට ආදරේ කලේ නැත .කොපමණ සිතුවත් ආදරය සමග පැමිණෙන වේදනාවක් මට දැනේ .
මගේ වයසේ බොහෝ යාළුවන් ඉතා සුන්දර කාලයක් ගත කරමින් සිටී .ඔවුන් සිනාවෙති .විනෝද චාරිකා යති .අනන් මනං පාටි අතොරක් නැතිව .සමහරු ජෝඩු දමා වෙනමම .මේ සියල්ලන්ම පුදුම ආශ්වාදයක් විඳිති .වාහන ඔවුනටම ඇත .වියදම් කරන්නට මිල මුදල් ඇත .මට මේ කිසිවක් නැත .මම ඊට දුක් නොවෙමි .
මගේ උත්සාහයෙන් මම ඒ දේවල් ලබාගනිමි .පුහු ආටෝප ජීවිතයක් ගතකිරීමට වඩා තම ප්‍රමාණයෙන් පොලවේ පය ගසා ජීවත් වූ අයට ජයග්‍රහණය උදාවි ඇත .2012 වසරේ මේ ලියන ඒවා ඉදිරියේද මා ඉතා ආශාවෙන් කියවාවි යයි මට සිතේ.
BMW,Mercedes , Pulzar අතර මගේ දුප්පත් බයිසිකලයෙන් මම nsbm යමි .Glamour එකෙන් මට අද සලසන සේවාව හෙට Honda Hornet එකකටයි .
මම අද ලියා තබමි .රු.1000 මගේ පසුම්බියට වැටුණු කාලයක් මතක නැත .තාත්තා හෝ අම්මා දෙන කීයෙන් හරි මම මගේ වැඩ සියල්ලම කර ගනිමි .
දෙමාපියන් ලෙස මාගේ අම්මා තාත්තා සැමටම ආදර්ශයකි .අපට අවශ්‍ය දේ ලඟා කිරීමට ඔවුන් නිතරම උත්සාහ කළා .
අද මගේ අම්මගේ බැංකු ගිණුමේ ඇත්තේ රු.2000 පමණි .තාත්තාගේ රු.375 කි .මේවා මම ලියන්නේ දවසක මගේ අම්මා තාත්තා කොපමණ දුකක් අප වෙනුවෙන් වින්දා දැයි දැන ගැනීමටය .
මේ 2012 නොවැම්බර් .ළඟදීම තව අලුත් අවුරුද්දක් එනවා .මම ඒකට බය නෑ .මගේ අම්මත් බය නෑ .බයිසිකලේ නුගේගොඩට යන්නේ පැයට කිලෝමීටර 50න් .මට පැය එකහමාරෙන් කැම්පස් එකට යන්න පුළුවන් .මන් ඒ ස්පීඩ් එකට ගියාම රු.300 ක පෙට්‍රල් දවසකට ඉතිරි කරගන්න පුළුවන් .
ගිය සතියේ මගේ පසුම්බිය යාලුවෝ ටිකක් අරන් බැලුව . තිබුනේ රු.170 යි .එත් මට ලැජ්ජාවක් දැනුනේ නැහැ .දුකක් නැහැ .ඒක එයාල අදිනකොට මන් දැක්කේ 1000 කොළ මිටියක් ඒකෙ තියනවා වගේ .
2012 නොවැම්බරයේ දිනක
I write for you.These every posts are my memories and my thoughts in deep.Sometimes these are my experiences i value a lot.I believe that i can give you a simple pleasure to you and good changes in your mind by these posts.I hope you'll enjoy reading my simple blog.Thank you විටෙක දිනපොත මගේ හොඳම යහළුවා විය.ලියූ බොහොමයක් දෑ අද මා කියවන්නේ ඉතාමත් සතුටිනි.ඔබටත් ඒවා කියව බැලීමට ඉතාමත් සතුටින් මෙහි පල කරන්නෙමි .
Subscribe to:
Post Comments (Atom)
ටිකිරි ආයි එන්නේ නෑ
මන් හැදුව ආදරයක් මාසෙකට දෙකකට විනාස කරන්නේ කොමද ? මට ඔයාව මතක් වෙනවා .හුඟක් මතක් වෙනවා .එත් මාත් එක්ක ඉන්න එපා පැටියෝ .ඒක ඔයාට දුකක් .මටත් ...
-
විදුලි බල්බ සැරෙන් සැරේ පත්තු වෙනවා .පාට ගොඩක් වොට් පහේ බුබුළු වලින් එන්නේ .ගේ ලඟ තියෙන කොස් පැලේ බාගයක් තරමට කූඩුව උසයි .ජාතක කතාවක...
-
If we think deeply about what around us,its a free experiment market. There are lots of experiments and experiences available in there.T...
No comments:
Post a Comment