I write for you.These every posts are my memories and my thoughts in deep.Sometimes these are my experiences i value a lot.I believe that i can give you a simple pleasure to you and good changes in your mind by these posts.I hope you'll enjoy reading my simple blog.Thank you විටෙක දිනපොත මගේ හොඳම යහළුවා විය.ලියූ බොහොමයක් දෑ අද මා කියවන්නේ ඉතාමත් සතුටිනි.ඔබටත් ඒවා කියව බැලීමට ඉතාමත් සතුටින් මෙහි පල කරන්නෙමි .
Thursday, June 26, 2014
අහිංසක මල් කැකුළු
Wednesday, June 25, 2014
පාපැදි කරුවා සහ BMW
Tuesday, June 24, 2014
තවමත් මා නිරුපද්‍රිතය
මා ගත කරන වයස ජීවිතයේ
උපරිම අවස්ථාවයි. සාමාන්‍ය මනුෂ්‍ය ශරීරයකට වසන්තයයි. උද්යෝගිමත් සිතක්.චංචල
සිතක්.ආදරය සොයන කාලයක්.රාගය ඇති වන අවස්ථාවක්.
ශරීරය දිදුලන කාලයක්.කඩවසම් පෙනුමකට විරුද්ධ
ලිංගිකයින් ආකර්ෂණය කරගැනීමට හැකිවන ලෙස ශරීරය හැඩගැසෙන කාලයක්.මෙවන් අසිරිමත්
සිදුවීම් තරුණ මනුෂ්‍ය සැමට පොදු දෙයකි.සැවොම අපේක්ෂා කරති. නමුත් මට අවශ්‍ය නැත.
මේ සියලු දෙයින්ම මට විඩාවන් ගෙන දෙන බැවිනි. කාලය බොහෝ ඉක්මණින් ගමන් කර මා
වයස්ගත කරනවා නම්, ? මං ජීවිතයට ස්තූතිවන්ත වෙමි. පීඩා සමග ජීවත් වීමට අප ඉපදුනේ
ඇයි?
මං මනසින් අරගල කළෙමි. බුද්ධියත් හැගීමුත් අතර
මත භේදය මැද අවබෝධය පැන නැග්ගද එ් සුළු කාල පරාසයකය. අවබෝධය යනු බුද්ධියම නොවේ.
එයයි එකම හේතුව අවබෝධය ක්ෂණයෙන් අතුරුදන් වීමට හේතුව. සත්‍ය තවමත් අවබෝධය නොමැති
වීමයි.
බුද්ධිය වැඩි වන්නට
වන්නට හැගීම් සමග තෙරපෙන්නට පෙන්නට මනස විඩාපත් වේ. එය මට දැනේ. හිස රිදුම් දේ. එය
මට දැනේ.ශරීරය සිහියෙන් පිට පනී. මට දැනේ. ශරීරයද අවසානයේ විඩාපත්ය. එක දිගට දින
ගණනාවක් එකම ක්‍රියාවලිය වෙනස් ආකාර වලින්. තවමත් මා නිරුපද්‍රිතය.
තමවචනය
Monday, June 23, 2014
වැටෙමුද ?නැගිටිමුද ?
Thursday, June 19, 2014
සිත් කුණාටුව
Saturday, June 7, 2014
ගිය සතියෙම වැස්ස
කෙතරම් කරදර පැමිණියත්
දවසේ එක මොහොතකින්, විනාඩි කිහිපයකින් ලැබෙන සිත සුවපත් කරන ඒ සිසිලස මාව සුවපත්
කරනවා කියලා මටම තේරෙණවා.
මගේ මුහුණ වෙනස්. ඒක මටම
හැමදාම උදේට පේනවනේ. කවදාටත් වැඩිය මගේ මුහුණ ගොඩක් ලස්සනයි කියලා මට දැනෙනවා.
ඊයේ මාර වැඩක්
වුණා. පිටිපන ඉදන් කොට්ටාවට යන පරණ පාරේ රේල් පාරේ යන ටිකක් උස තැනක් තියෙනවා. මං ගියේ
ලොරියෙන්. උදේ පන්ති රත්මලානේ. වහින හින්දා ඒකෙන් ගියේ. ඉවර වෙලා වැඩට ගියා. එනකොට
මට ඇගට මාර මහන්සියක් දැණුනා. කොහොම හරි ආවා. ඇවිත් අර කියපු රේල් පාර හරියේ ට්‍රැෆික්.
ඉතිං හෙමින් හෙමින් තමයි වාහන ගියේ. හරියටම රේල් පාර මැදදි පිටිපස්සේ රෝදේ ටිකක් ඉස්සිලා ස්ලිප් වෙන්න
ගත්තා. දැන් ඉස්සරහට යන්නේත් නෑ.පිටිපස්සටත් බෑ. කවුරුත් නතර කරන්නෙත් නෑ. ගෑණු
එක්කෙනෙක් නම් බලන් හිටියා. හොද වෙලාවට කෝච්චිය ගිහින්ද කොහෙද? තනියෙන් දගලලා
දගලලා කොහොමහරි ගත්තා. විනාඩි 10ක් විතර හිටියා හැබැයි.
අද කවියත් එක්ක NSBM ගියා. Result ඇවිල්ලා කියලා
බලන්න.කොහෙද නෑ. ටිකකින් ආවා.
ගිය සතියෙම වැස්ස
හොදටම.පානදුරේ මහප්පලාගේ ගෙදර ඉදන් එනකොට ගල්ඒදඩුගොඩ හරිය යට වෙලා. එන්නත් බෑ.
ලේලන්ඩ් දෙකක් මැදට කාර් එක දාගෙන ආවේ. දොරේ බාගයක් වගේ වෙන්න වතුර. ඩෑෂ් බෝඩ් එකේ
ලයිට් ඔන් වෙලා. මට නවතීවි කියලා බයත් හිතුණා. ඒත් ආවා කොහොම හරි.
මාළු ගත්තා පාදුක්ක
ලෑල්ලෙන්.සැමන් පරා තමයි ටිකක් හරි ලොකු මාළු හිටියේ. මාළු 04ක් ගත්තා. ඊට පස්සේ මටම
හිතුණා තව ගන්න.සල්ලිත් තිබුනා. මං කිවුවා තව කූරියෙකුත් දාන්න කියලා. ඇතුළේ මාළු
කපන මිනිහා කියනවා ඔව් මහත්තයා තව එකක් දාමු. කන එකනේ. අනික මහත්තයා කෙට්ටුත්
වැඩියි කියලා.
ටිකිරි ආයි එන්නේ නෑ
මන් හැදුව ආදරයක් මාසෙකට දෙකකට විනාස කරන්නේ කොමද ? මට ඔයාව මතක් වෙනවා .හුඟක් මතක් වෙනවා .එත් මාත් එක්ක ඉන්න එපා පැටියෝ .ඒක ඔයාට දුකක් .මටත් ...
-
අපි මිනිස්සුන්ට "මැන්ටල් " යයි කියුවට ඇත්තටම බැලුවොත් එහෙමම නැ."මැන්ටල් " කියන්නේ "ඔලුව ...