I write for you.These every posts are my memories and my thoughts in deep.Sometimes these are my experiences i value a lot.I believe that i can give you a simple pleasure to you and good changes in your mind by these posts.I hope you'll enjoy reading my simple blog.Thank you විටෙක දිනපොත මගේ හොඳම යහළුවා විය.ලියූ බොහොමයක් දෑ අද මා කියවන්නේ ඉතාමත් සතුටිනි.ඔබටත් ඒවා කියව බැලීමට ඉතාමත් සතුටින් මෙහි පල කරන්නෙමි .
Monday, February 17, 2014
සිනා නොවුනද සිතේ වුන් ඇය ආදරණීයයි...
සිනහවක් වත් නැත ඔබේ මුහුණේ ..
බිම බලාගෙන යන ගමන හැඩයි
සුදෝසුදුවන් වතේ එලියට
ගෙබිමද එලිය වී ඇති සැඩයි...
සිනා නොවුනද සිතේ වුන් ඇය ආදරණීයයි...
සිනාවක් නැත්තේද නොවේ.සතියකට දෙවරක් මා ඉදිරියේ වීදුරු දොර විවුර්ත කරගෙන වායු සමීකරණය කරන ලද පාසලට ,එනම් මගේ හා ඇගේ රාජකාරි ස්ථානයට ඈ පැමිණෙන්නේ පුර හඳක් වන් වතේ පටලව ගත් ඇස්කන්නාඩියත් ,පුර හඳේ දිස්නය දෙන එලිය වන් ඇගේ යන්තමට විදහාගත් දසන් පෙළත් සමගය .එක් උරයක රැඳුනු චාම් පාට දෙකේ බෑගය එතරම් බරක් ඇතැයි නොසිතුනත් ඇය එය තව අතකින් සැමවිටම අවනත කරගත්තේ නොදනුවත්වමයි.
ළමුන් සියගණනකට ඇසුනත් ඒ හඩෙහි මිමිනීමක්වත් තවමත් මා අසා නැත.ගුරු සිසු බැම්ම තිබෙන නමුත් ඔවුන් කෙරේ මතුළ දුක දෙන සියුම් ඉර්ෂියාවක් නැත්තේද නොවේ.සිසුවෙකු වී ඇගේම පන්ති කාමරයේ ඇය අසලම ගැවසීමට මතුළ ඇති ආශාව බොළද නමුත් එහි ආස්වාදය කිසිවකින් ලබා ගත නොහැකි බව මට සිතේ.
මා තුල පැතූ ආදරණීය පැතුමක් ඇත.එනම් මගේ කුළුඳුල් ආදරය ඈ සොයන එකම ප්‍රේමය වීමයි.
Subscribe to:
Post Comments (Atom)
හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී
මැයි මාර ප්‍රසංගයේ සමිඳ අයියා සමහර විට මං වෙන්නත් ඇති. සංචරණි වැලි පාර දිගේ හෙමින් හෙමින් එන දිහාව බලන් හිටියා වගේම මමත් ඔයා එන දිහා සෑහෙ...

-
විදුලි බල්බ සැරෙන් සැරේ පත්තු වෙනවා .පාට ගොඩක් වොට් පහේ බුබුළු වලින් එන්නේ .ගේ ලඟ තියෙන කොස් පැලේ බාගයක් තරමට කූඩුව උසයි .ජාතක කතාවක...
-
වේදනාවෙන් මිරිකී සිටි ඇයව වහාම ඇතුලට ගැනුණි .ඒ සමගම දොරද සද්දව ඉබේම වාගේ වැසුනි. තනිවී සිටි මම වැසුණු දොර අසල ඇගේ වේ...
Amazing Love Story...!
ReplyDeleteIts really wonderful story ............. :)
ReplyDelete