I write for you.These every posts are my memories and my thoughts in deep.Sometimes these are my experiences i value a lot.I believe that i can give you a simple pleasure to you and good changes in your mind by these posts.I hope you'll enjoy reading my simple blog.Thank you විටෙක දිනපොත මගේ හොඳම යහළුවා විය.ලියූ බොහොමයක් දෑ අද මා කියවන්නේ ඉතාමත් සතුටිනි.ඔබටත් ඒවා කියව බැලීමට ඉතාමත් සතුටින් මෙහි පල කරන්නෙමි .
Sunday, May 14, 2017
ආදරය සුන්දර වරදකි
Wednesday, April 5, 2017
දින පොතෙන්
ඊයේ මිස්ටර් ප්‍රියන්තගේ
(කිරිඇල්ලේ) කඩේ Stock දාන්න ගියා හිරන්ත්
එක්ක.අද පාන්දර 5.30 ගෙදර එනකොට ගොඩක් මහන්සියි.ඔය එහෙම වුණ 4වන දවස.හෙට හොරණ
කුඔුරේ තීන්දුව දෙන දවස.අම්මා යාවි මාමා කෙනෙක් එක්ක.ඒකේ හුටපට ගොඩයි.ඒත් මාමලා
ලොකු අම්මලා සේරම එකු වෙලා ලොකු සටනක් දෙනවා මේකට.
හොරණ කුඔුර මං හිතුවට
වැඩිය විශාල කුඔුරක්.ඒ කුඔුරට යා වෙලා තියෙන ඉඩමේ තමා අරුන්ටික ඉන්නේ.තරහා වුනත්
නූනත් නෑදෑයෝ තමයි අපිට.මෝඩ මිනිස්සුනේ.තණ්හාව වැඩි වුණනාම ඔහොම තමයි. හෙට
තාත්තාගේ බේත් ගේන්න යන්නත් ඕනි ආසිරි එකට.මට යන්න පුළුවන් වේවිද දන්නේ නෑ.මේ දවස්
ටිකේ එපා වෙන්න වැඩ. ගිය සති අන්තේ අපි අනුරාධපුරේ ගියා.රොශේන්ට පූජාවක්
කරන්න.චලනි අක්කලා ගියේ නෑ.නැන්දයි මාමායි කිත්සිරි මාමලයි කෝට්ටේ ලොකු අම්මලා
පානදුරේ ලොකු අම්මත් ගියා.චා බ්‍රෝත් ගියා.කාලෙකට පස්සේ ගිය හොද ගමනක් ඒක.ජීවිතේ
කාර් යබහුලත්වයත් එක්ක හරිම සීග්‍රෙයන් ගෙවිලා යන බව හොදට දැනෙනවා.මට ගෙවෙන කාලයට
තාම වැඩ කරන්න පුළුවන්නම් කියලා හැම වෙලාවෙම හිතෙනවා.
අද හිරන්තගේ ළිදට
ගැරන්ඩියෙක් වැටිලා.ඌ ගොඩ දාන්න ගිහින් දවසම ඉවරයි.පණ පිටින් ගොඩ ගත්තලු.ගෙදර
කට්ටිය එක්ක කතරගම යන්න ඉන්නේ.මේ මාසේ කොහොම හරි යනවා.කාර් එකෙත් පොඩි පොඩි වැඩ
ටිකක් තියෙනවා හදා ගන්න.ඒ ටිකත් කරගෙනම යන්න තතමා ඉන්නේ.
Monday, December 12, 2016
සිතුවිලි සිරවී නැත (7 කොටස - සිතේ හැටි හිතේ හැටියට )
අප කාර්යයබහුල වන්නට වන්නට සිතේ ඇති එක් පැතිකඩක් අප නොදකී.එම පැතිකඩ විකසිත වීමට බාධා වේ .මෙය අපට නිතර සිදුවන දෙයකි.නමුත් සූක්ෂම ලෙස අප එය දෙස නොබලයි .සිතුවිලි හා අදහස් ගලා ඒමට නිදහස් මනසක් තිබිය යුතුය .නිදහස් වූ මනස කිසිවකුගේ වහලෙකු නොවේ .අද අප ගතින් මෙන්ම මනසින්ද වහලෙකි .සමාජ රටාව පවතිනුයේ එසේය .අතලොස්සක් හැර බොහෝ පුද්ගලයින්ට තමන්ට සිතිය හැකි බව අමතක කර දමා ඇති සේය.
සෑම බැදීමක්ම වේදනා උපදවන සුළුය .අපි ඒවා සතුට දනවන විට කිසිත් නොලියන්නෙමු .
නමුත් වේදනාවක් හටගත් විගස එහි පීඩාව නොනවතින්නකි .එවිට ලියන්නෙමු.
පීඩාවක් ගෙනදීමට බැඳීමේ ස්ථාවර බව අවශ්‍ය නොවේ .අවශ්‍ය වන්නේ බැඳීම පමණි .බැම්මකි .කල්යත්ම ස්ථාවර බව ,අනොන්‍ය සන්නිවේදනය ආදී කරුණුවල සංකීර්ණ බව ඉහල යාම දුකෙහි ,වේදනාවේ හෝ පීඩාවේ ප්‍රමාණයට කෙලින්ම බලපායි .බලවත් සිතක් නම් එම පීඩාව නැතිකර ගැනීමට විවිද උපක්‍රම ස්වයං ක්‍රියාවම නිපදවේ .
එය වරෙක අභ්‍යන්තර සාකච්චා ,උපදෙස් ,වචන මේ ආදී ලෙස සිහියට පැමිණේ .
නමුත් දුර්වල සිතකට ඇති එකම පිළිසරණ ඉවසීමයි .ඉවසීම තිබිය යුත්තේ කාලය ලබා ගැනීමටයි .කල්ගත වෙත්ම එහි පීඩාකාරී ස්වභාවයේ තීවෘතාව අඩුවේ.කයෙහි හටගන්නා රෝග බොහෝ දුරට තාක්ෂණය සමග නිවැරදිව හඳුනාගෙන පිළියම් යොදා ඇත සුවපත් කිරීමට .සාමාන්‍ය ජනය අතර සීමාසහිත නමුත් අත්දැකීම් ඔස්සේ ලැබුණු සහ වෙනත් මූලාශ්‍රයන් ඔස්සේ ලැබුණු දැනුමත් ඒ පිළිබඳව ඇත .එමනිසා ඔවුන් ප්‍රථමාධාර සඳහා යොමු වේ.බොහෝ විට ඒවා සාර්ථක වේ .
මෙය උදාහරණයකට ගත් කල සිතේ ඇතිවන රෝග හඳුනා ගන්නේ කෙසේද ?ප්‍රථමාධාර ?පිළියම් පිළිබඳව අල්ප දැනුමක් අප සමාජයේ පැවතීම උසස් මානසික මට්ටමක් සහිත සමාජයකට ලඟා වීමට බලපාන ප්‍රධාන බාධකයකි .වඩා වැදගත් වන්නේ මනසේ නීරෝගී බවයි .ශක්තිමත් බවයි .නුවණැති බවයි .
කවියාගේ පදවැල්
කවියා විසින් පදවැල් ගොතන්නේ කෙසේද ?උත්සාහ කර බලන්න .නමුත් බොහෝ විට එය ඉතා අපහසු ක්‍රියාවක් යයි ඔබට සිතෙනු ඇත .කවියාගේ නිර්මාණශීලිත්වයට හේතු වන්නේ ඔහුගේ මනස තුල ගොඩ නැගෙන විවිදාකාර වූ අදහස්ය .එම අදහස් තුල ඉතා සිත්ගන්නා සුළු ගලායාමක් ඇත .යමක් පිලිබඳ විචිත්‍ර වූ පැහැදිලි කිරීමක් ඇත .නමුත් ඔහුයි අපියි අතර වෙනස කුමක්ද ?අප තුලද විවිධාකාර වූ අදහස් ඇත .වචන ඇත.නමුත් ඒවා නිර්මාණශීලී නැවුම් අදහස් නොවේ.යමෙකුගේ අදහස් යෝජනා මෙන්ම සිතුවිලි වලින් පිරුණු අපේ අදහස් නිදහස් නොවේ.සෑම තැනකින්ම අපගේ අදහස් කොටු වී ඇත යන්න මගේ හැගීමයි .අප එයට පුරුදු වී සිටී.
යම් දෙයකට සිත කලකිරවා ගැනීමෙන් කිසිඳු ඵල ප්‍රයෝජනයක් නැත .කාලය නාස්ති කිරීමක් පමණි .නමුත් ඉතා සූක්ෂම ලෙස බැලූ විට එයින් ගත යුත්තක් වේ .යම් ප්‍රයෝජනවත් දෙයක් .යම් ප්‍රයෝජනවත් දෙයකට එය හරවාගත හැකිය .එම අවස්ථාවේදී කලකිරීම් පිලිබඳ සිත නොදුවන අතර එක්තරා අමුතු ශක්තියකින් සිත ,ඵලදායි අරමුණක් කරා යොමු වීමට අවශ්‍ය සිතුවිලි ,දත්ත මතකයන් අඩිය කඩිනම්ව සපයයි .නමුත් මෙම කාලසීමාව ඉතා කෙටි කාලයකි .
නම්බුව
නම්බුව හා ආත්ම ගෞරවය අතරවෙනසක් තිබේද ?නැතිනම් සමානද?
නම්බුව තුල ආත්ම ගෞරවය පවතින බව මගී විශ්වාසයයි .ආත්ම ගෞරවය සුරැකි විට නම්බුව වැඩි දියුණු වේ .නම්බුව යන්න මගේ අර්ථ දැක්වීම කෙනෙකුගේ කල හොඳ පමණක්ය .වැරදි ක්‍රියාවලින් නම්බුව ඔප් නැංවිය නොහැක .එසේම වර්තමාන සමාජයේ නම්බුව අතීතයේ දී වඩා ඉතා වෙනස්ය .
කේන්තිය
වෛරය යන්න කුමක්දැයි මම හොඳාකාරවම දනිමි.එයට මෛත්‍රීය හැරෙන්නට වෙන සත්කාරයක් නැත.කේන්තිය හා වෛරය අතර වෙනස්කමක් ඇත මට සිතෙන ලෙස.
කේන්තියෙ පසු විපරම ,වෛරය යේ පසු විපරම තරම් භීතිය දනවන කලහකාරී අවස්ථාවක් නොවේ .එය කෙටි කාලීනයි .නමුත් වෛරය දිගු කාලීනව බල පැවැත්විය හැක .මේ ලෝකයේදී මෙන්ම මරණින් පසුවද වෛරයඋත්සන්න වන්න එම පුද්ගලයා ධර්මයෙන් ඈත් වේ .එහි හරි වැරැද්ද නොදකියි .පටු අදහස් වල එල්බ තාර්කිකව ධර්මය හෙළාදකින ස්වභාවයක් ඇත.අවවාද දෙන්නන් හටද එම අදහස් ධර්මය ඔස්සේ ගෙනගොස් ඔවුනටම විසඳිය නොහැකි ප්‍රශ්නාර්ථයක් වෛරය ට නිර්මාණය කල හැකිය .
සිතේ ඇතිවන ප්‍රීතිය නම් එහි ඇති සැහැල්ලුවයි .සැහැල්ලුව අර්ථ දක්වන්නේ නම් සිතුවිලි නොමැති වීමයි .නමුත් කිරීමට අපහසුමද එයයි.දිනක් තුල ඕනෑම පුද්ගලයකු තුල ලක්ෂ්‍ය සංඛ්‍යාත සිතුවිලි උපදී.මතකයේ රැඳෙ .අමතක වී යයි .නමුත් සිතුවිලි රහිත වෙලාවක් සොයාගැනීමට අපහසුය .ගැඹුරු නින්දේදී අවබෝධාත්මක සිතුවිලි නූපදී .නමුත් සිතුවිලි පවතී.අප දකින සිහිනද සිතුවිලි එක් ඛණ්ඩයකි .වෙනස නම් සිහින වැල ඇති අපූර්වත්වය යයි .ඒ අපූර්වත්වය මිනිසා සමාජයේ විවෘතව සාකච්චා කර අදහස් ලබා ගන්නා නමුත් සිතුවිලි පුද්ගලයාගෙන් එපිටට නොපැමිණේ .
සමාප්තයි
Thursday, November 24, 2016
සිතුවිලි සිරවී නැත (6 කොටස - නොතේරෙන උත්තේජනය )
Friday, October 28, 2016
සිතුවිලි සිරවී නැත (5 කොටස - ආදරය නම් )
Saturday, October 1, 2016
සිතුවිලි සිරවී නැත (4 කොටස -සංගීතය )
Monday, September 12, 2016
සිතුවිලි සිරවී නැත ( 3 කොටස -අම්මා සහ ස්ත්‍රිය )
තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...
-
මිල්ටන් අංකල්. “Thimali Dad” මෙන්න මෙහෙමයි මගේ ෆෝන් එකේ මම දාගෙන හිටියේ. සුන්දර අහිංසක නිහඩ චරිතයක් ඉතාමත් කෙටි කලකදී මගේ තුළ වැළඳ...
-
වේදනාවෙන් මිරිකී සිටි ඇයව වහාම ඇතුලට ගැනුණි .ඒ සමගම දොරද සද්දව ඉබේම වාගේ වැසුනි. තනිවී සිටි මම වැසුණු දොර අසල ඇගේ වේ...
-
මැයි මාර ප්‍රසංගයේ සමිඳ අයියා සමහර විට මං වෙන්නත් ඇති. සංචරණි වැලි පාර දිගේ හෙමින් හෙමින් එන දිහාව බලන් හිටියා වගේම මමත් ඔයා එන දිහා සෑහෙ...



