Monday, June 23, 2014

වැටෙමුද ?නැගිටිමුද ?



අනුන් සිනාසෙන හැටි බලා දුක් වෙන්න එපා....
ආදරය ලඟා ගැවසෙන විට දුක් වෙන්න එපා
ආදරය නොලැබුනත් ආදරය නොදී ඉන්න එපා

යලි යලිත් හිත නම් වට්ට ගන්න එපා 

Thursday, June 19, 2014

සිත් කුණාටුව



මේ දේවල් දැනෙන්නේ මට විතරද ?
මමම හිතල මමම දුක් වෙනවා ...මේ තමයි සිතේ හැටි .
අපි ආදරය කරන අය හිතන විදිය අපිට දැනෙන්නේ නැහැ.ඒත් තේරුම් ගත්තම හරි .
එයාල එහෙම ඉන්නේ අපිත් එක්ක තරහින් නෙමෙයි කියලා අපි  තේරුම් ගන්න ඕනේ.එතනදිත් වෙන්නේ අපේ හැකියාව ,බුද්ධිය මත හැගීම් වලට සාපේක්ෂව අපිට දැනෙන දේ.
මේ අවස්ථාව හරිම සංකීර්ණ අවස්ථාවක් .බොහෝ වෙලාවට හැගීම් වලට මේ වෙලාවේ බලය වැඩියි.එත් මේ හිතේ හැටි .අපිට පාලනය කරන්න අමාරු අපිට නොපෙනෙන හිත ආදරය ලැබෙනකොට හීලෑ වෙන්නේ නැ.තව තවත් මුරණ්ඩු වෙනවා.
එයාලට අපි එයාලගෙන් බලාපොරොත්තු වන දේවල් අපිට ඕනෑම වෙලාවේදී දෙන්න බැරි වේවි .එකට දුක් වෙන්න එපා .හිතේ ආදරය  තියේවි ඇතිවෙනකම්.එක නේද අපිට ඕනේ ..??
ආදරය තව කෙනෙක්ව රිද්දන්නේ නැ.අපි විහිලු කියන්නේ මොනාද කියල අදුරගන්න ඕනේ.එත් විහිළුවලට පුළුවන් තව කෙනෙක්ව මවන්න .ඔයත් මමත් දෙන්නම හරියටම දැනගන්න ඕන හරි කෙනා කවුද මේ විහිලු අස්සේ හැන්ගෙන. .

Saturday, June 7, 2014

ගිය සතියෙම වැස්ස

 

කෙතරම් කරදර පැමිණියත් දවසේ එක මොහොතකින්, විනාඩි කිහිපයකින් ලැබෙන සිත සුවපත් කරන ඒ සිසිලස මාව සුවපත් කරනවා කියලා මටම තේරෙණවා.

මගේ මුහුණ වෙනස්. ඒක මටම හැමදාම උදේට පේනවනේ. කවදාටත් වැඩිය මගේ මුහුණ ගොඩක් ලස්සනයි කියලා මට දැනෙනවා.

ඊයේ මාර වැඩක් වුණා. පිටිපන ඉදන් කොට්ටාවට යන පරණ පාරේ  රේල් පාරේ යන ටිකක් උස තැනක් තියෙනවා. මං ගියේ ලොරියෙන්. උදේ පන්ති රත්මලානේ. වහින හින්දා ඒකෙන් ගියේ. ඉවර වෙලා වැඩට ගියා. එනකොට මට ඇගට මාර මහන්සියක් දැණුනා. කොහොම හරි ආවා. ඇවිත් අර කියපු රේල් පාර හරියේ ට්‍රැෆික්. ඉතිං හෙමින් හෙමින් තමයි වාහන ගියේ. හරියටම රේල් පාර මැදදි  පිටිපස්සේ රෝදේ ටිකක් ඉස්සිලා ස්ලිප් වෙන්න ගත්තා. දැන් ඉස්සරහට යන්නේත් නෑ.පිටිපස්සටත් බෑ. කවුරුත් නතර කරන්නෙත් නෑ. ගෑණු එක්කෙනෙක් නම් බලන් හිටියා. හොද වෙලාවට කෝච්චිය ගිහින්ද කොහෙද? තනියෙන් දගලලා දගලලා කොහොමහරි ගත්තා. විනාඩි 10ක් විතර හිටියා හැබැයි.

අද කවියත් එක්ක NSBM ගියා. Result ඇවිල්ලා කියලා බලන්න.කොහෙද නෑ. ටිකකින් ආවා.

 

ගිය සතියෙම වැස්ස හොදටම.පානදුරේ මහප්පලාගේ ගෙදර ඉදන් එනකොට ගල්ඒදඩුගොඩ හරිය යට වෙලා. එන්නත් බෑ. ලේලන්ඩ් දෙකක් මැදට කාර් එක දාගෙන ආවේ. දොරේ බාගයක් වගේ වෙන්න වතුර. ඩෑෂ් බෝඩ් එකේ ලයිට් ඔන් වෙලා. මට නවතීවි කියලා බයත් හිතුණා. ඒත් ආවා කොහොම හරි.

 

මාළු ගත්තා පාදුක්ක ලෑල්ලෙන්.සැමන් පරා තමයි ටිකක් හරි ලොකු මාළු හිටියේ. මාළු 04ක් ගත්තා. ඊට පස්සේ මටම හිතුණා තව ගන්න.සල්ලිත් තිබුනා. මං කිවුවා තව කූරියෙකුත් දාන්න කියලා. ඇතුළේ මාළු කපන මිනිහා කියනවා ඔව් මහත්තයා තව එකක් දාමු. කන එකනේ. අනික මහත්තයා කෙට්ටුත් වැඩියි කියලා.

 

Sunday, April 6, 2014

ජීවිතේ තවත් දවසක



ගිනියම් මද්දහනේ වහලයකුදු නොමැති තැන
නතර වුනි ඔබ සිතුමතේ ...
මමද පිටුපස පියවර මැන්නෙමි ලඟා කරගන්නට
ඔබේ රූපේ ...


හරියටම බැංකුව ඉදිරිපස මහපාරේ
ඇසුවෙමි ඇගෙන් මනාපය ගැන ජීවිතේ
මගේ කරුමය මැදට පැනවිත් ..
දුන්නේ උත්තරය කැපෙන සේ මගේ ආදරේ ...


Friday, February 21, 2014

ඇහෙන්නටත් ඇහෙන කනක් තිබිය යුතුයි



ඕක තමයි අද ගොඩක් අයට අඩු .තමන්ගේ තත්වය තානාන්තරය වැඩි වෙනකොට කන ඇහෙන්නේ නැතුව යනවා.සමහර අයට ඇහෙන්නෙම නෑ.නෑදෑයෝ ,යාලුවෝ හෝ කවුරු උනත් කතා කරන දේ ඇහෙන්න ඇහෙන කනක් තියෙන්නම ඕනේ.
දැන් කතාකරන බිහිරි බව ශාරීරිකව ඇති අඩුපාඩුවක් නෙවෙයි.ශාරීරිකව බිහිරි අය ඇත්තටම අසරණයි.එත් මේ බොරුවට කන ඇහෙන්නේ නැති අය ආත්මර්තකාමී කියලයි මට හිතෙන්නේ.ඇත්තටම එයාල කවුරුත් කියන දේ අහන්නේ නෑ.

උසස් පෞරුෂයක් බලාපොරොත්තුවන කාට උනත් බිහිරි බව අඩුපාඩුවක්.මුලින්ම අනුන්ට ඇහුම්කන් දෙන්න පුරුදුවෙන්න ඕනේ .ඒ කියන දේවල් වැදගත් හෝ නොවෙන්න පුළුවන් .එත් ඇහුම්කන් දීම වැදගත් අවබෝධයෙන් .එතකොට අවශ්‍ය දේවල් හිතේ ධාරණය කරගෙන අනික් නොවැදගත් දෑ අතහරින්න පුළුවන් නිසා. ඒක ගොඩක් හොඳ නායකත්ව ලක්ෂණයක් .ඉතාම ප්‍රයෝගික සංසිද්ධියක් .
බොහොම ටික කාලෙකින් තමන් වටේ ගොඩක් අය රැස් වේවි අනික් අයට ඇහුම්කන් දුන්නොත් .

Monday, February 17, 2014

සිනා නොවුනද සිතේ වුන් ඇය ආදරණීයයි...



සිනහවක් වත් නැත ඔබේ මුහුණේ ..
බිම බලාගෙන යන ගමන හැඩයි
සුදෝසුදුවන් වතේ එලියට 
ගෙබිමද එලිය වී ඇති සැඩයි...

සිනා නොවුනද සිතේ වුන් ඇය ආදරණීයයි...

                                   සිනාවක් නැත්තේද නොවේ.සතියකට දෙවරක් මා ඉදිරියේ වීදුරු දොර විවුර්ත කරගෙන වායු සමීකරණය කරන ලද පාසලට ,එනම් මගේ හා ඇගේ රාජකාරි ස්ථානයට ඈ පැමිණෙන්නේ පුර හඳක් වන් වතේ පටලව ගත් ඇස්කන්නාඩියත් ,පුර හඳේ දිස්නය දෙන එලිය වන් ඇගේ යන්තමට විදහාගත් දසන් පෙළත් සමගය .එක් උරයක රැඳුනු චාම් පාට දෙකේ බෑගය එතරම් බරක් ඇතැයි නොසිතුනත් ඇය එය තව අතකින් සැමවිටම අවනත කරගත්තේ නොදනුවත්වමයි.
ළමුන් සියගණනකට ඇසුනත් ඒ හඩෙහි  මිමිනීමක්වත් තවමත් මා අසා නැත.ගුරු සිසු බැම්ම තිබෙන නමුත් ඔවුන් කෙරේ මතුළ දුක දෙන සියුම් ඉර්ෂියාවක් නැත්තේද නොවේ.සිසුවෙකු වී ඇගේම පන්ති කාමරයේ ඇය අසලම ගැවසීමට මතුළ ඇති ආශාව බොළද නමුත් එහි ආස්වාදය කිසිවකින් ලබා ගත නොහැකි බව මට සිතේ.
මා තුල පැතූ ආදරණීය පැතුමක් ඇත.එනම් මගේ කුළුඳුල් ආදරය ඈ සොයන එකම ප්‍රේමය වීමයි.

Saturday, February 1, 2014

ඇත්තටම මැන්ටල් ද ?




                      අපි මිනිස්සුන්ට "මැන්ටල් " යයි කියුවට ඇත්තටම බැලුවොත් එහෙමම නැ."මැන්ටල් " කියන්නේ "ඔලුව අප්සෙට් ".සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් දෙයක් කරනවා නම් හරි හිතෙනවා නම් හරි අපි හිතන්නේ එහෙමයි.ඔය විදිය හැමතෑනදීම වලංගු  නැ.
අසභ්‍ය ,අශීලාචාර දෙයක් හැරෙන්නට පිස්සන්ගේ වැඩ පිස්සු වගේ දකින්නේ අපිටත් කොතැනක හෝ අවුලක් තියෙන හින්ද කියලයි මට හිතෙන්නේ.සාමාන්‍ය සමාජයේ නිතර නොදකින එහෙත් අවශ්‍යම ,වටිනා සමහරවිට අප සමාජයෙන් අමතක වෙලා ගිය බොහෝ දේවල් "මැන්ටල් " අය ළඟ තියෙනවා .අපි ඒ දේවල් අත්දකිනකොට එන නුහුරුකම ආගන්තුක  බවට හේතුව ඒ දේවල් වලට අපිත් පුරුදු නැති හින්දයි .ඒ දේවල් මොනවද කියල උදාහරණ "මැන්ටල් " පුද්ගලයෙක් ළඟ ඉඳලම බලන්න .

 තාත්තා අද බයිසිකල් පදින්නේ නෑ. හැබැයි මම අද පදිනවා. ඒක කොච්චර අමාරුද කියලා අද මම හොඳට දන්නවා.Nibm  යන කාලේ මම කරපු කෝස් එක ෆුල් ටයිම් එකක් ...