අම්මලා අනුරාධපුරේ ගිහින් අද දෙවැනි දවස. තෙලක් හිදල . හෙට ඉදලා මුළු ඇඟේම එක ගාන්න . අද රෑට පාන් කෑවා . ඊයේ රෑ පාන් . අද උදේ ලීල බත් එකක් ගෙනත් දුන්න .උදේ නංගි පාන් රෝස් කළා .ඒවා කාලා ගියා .ඇවිල්ල කරන්න වැඩ කෝටියක් .නංගිව ගන්න යන්න .නාගන්න. .රොටි අල්ලන්න .ඒවා දුන් ගෙට දාන්න . හරකා බඳින්න.ඒ අස්සේ එතනට ඇවිල්ල ගොනෙක් .මහා විසාල එකෙක් .මට නේද ඉතින් .වත්ත කෙලවරට දුවල ඒ සතාව පන්නල එනකොට ඉක්කත් වැටෙනවා . කවදාවත් ප්‍රශ්නයක් නොවෙන ඉක්කත් නවතින්නේ නෑ .සපත්තු වේලෙන්න තිබ්බා .තෙමුනනේ උදේ
I write for you.These every posts are my memories and my thoughts in deep.Sometimes these are my experiences i value a lot.I believe that i can give you a simple pleasure to you and good changes in your mind by these posts.I hope you'll enjoy reading my simple blog.Thank you විටෙක දිනපොත මගේ හොඳම යහළුවා විය.ලියූ බොහොමයක් දෑ අද මා කියවන්නේ ඉතාමත් සතුටිනි.ඔබටත් ඒවා කියව බැලීමට ඉතාමත් සතුටින් මෙහි පල කරන්නෙමි .
Sunday, February 19, 2023
මතකයන් 19.05.2014
පානදුරේ ගෙදර ශාන්තිකර්මයක් කළා අනුරාධපුරයේ සිරිපාල මහත්තයා තව එක්කෙනෙකුත් එක්කයි ආවේ .එයාලා කෝච්චියෙන් ඇවිත් පිටකොටුවෙන් ගත්තා .මම ඔෆිස් ඉවර වෙලා ගියා .ඉරිදා වැඩට ගියේ නෑ .දවස් දෙකම නින්දක් නෑ. එක දිගට පාන්දර දෙකට තුනටත් එක එක බඩු ඉල්ලනවා.
මේවා කරන්න මට කොහොම ශක්තියක් තිබුණා දැයි හිතාගන්නවත් බෑ .මගේ හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා මහප්පා ගොඩ දාන්න පුළුවන් කියලා. වැඩ කරනකොට හරි කල්පනාවෙන් කරන්නඕනෑ . තාත්තට තරහ යන අය හිටිය එතන ගොඩක්. දෙපැත්තම බේරගෙන වැඩේ කරන්න ඕනේ.
මහප්පාට ගොඩක් ගුණයි වගේ .හරි සතුටින් කකුලක් පිට කකුලක් දාගෙන හිතා හිතාගන්නවත් බෑ. දැන් බේත් පටන් ගන්න ඕන. රීකෝ ට බෙහෙත් එකක් අරන් දෙන්න ඕන. එක්කෝ අධි ප්‍රෝටීන් ආහාර දෙන්න ඕන . දැන් kitty රීකො දෙන්නම මන් වගේ. පතෝල මැස්සක් අපිට වැඩිය ලස්සනයි . අද දළු කඩන දවස . දෙමළ අය ආවා මං ඔෆිස් යන්න ඉස්සෙල්ලා කිලෝ එකට රු.20 දාල සල්ලි බේරෙන්න ඕන.
හීන වන හැකියාවන්
කාර්යබහුල ජීවිතයත් සමඟ අපගේ සියලුම උපතින් පැමිණියා වූ හැකියාවන් විශේෂයෙන් කලාත්මක හැකියාවන් හීනවී යන බව ඕනෑම කෙනෙකුට හොඳට අවබෝධයෙන් විමසා බැලූ විට පෙනී යන දෙයකි . එනම් එම හැකියාවන් වල උච්ඡතම අවස්ථාවක් ඇත යන්න මගේ විශ්වාසයයි
ඉන් පසුව ඒවා යළි නොයේ . උපරිම අවස්ථාවේදී සිදුවෙන ,නිමවෙන , ලියැවෙන සෑම දෙයක්ම ඉතාම ම වටිනාකමක් ගෙන් දෙයි .කලකට පසු අප කොපමණ උත්සාහ කලත් එම හැකියාවන් එම මට්ටමෙන්ම අපට ලබාගත නොහැකි බව සත්‍යයකි
ටිකිරි ආයි එන්නේ නෑ
මන් හැදුව ආදරයක් මාසෙකට දෙකකට විනාස කරන්නේ කොමද ? මට ඔයාව මතක් වෙනවා .හුඟක් මතක් වෙනවා .එත් මාත් එක්ක ඉන්න එපා පැටියෝ .ඒක ඔයාට දුකක් .මටත් ...
-
අපි මිනිස්සුන්ට "මැන්ටල් " යයි කියුවට ඇත්තටම බැලුවොත් එහෙමම නැ."මැන්ටල් " කියන්නේ "ඔලුව ...