Monday, December 31, 2012

අදින් 2012 ඉවරයි.

 

අදින් 2012 ඉවරයි. මං  2013ට ආසයි . ගොඩක් දේවල් ඉගෙන ගත්තා . ගොඩක් අභියෝගවලට මුහුණ දුන්න අවුරුද්දක් .2013ට මන්  තවත් කැමතියි. මං දන්නවා ඒක ඊට වැඩිය  අමාරු අවුරුද්දක් වේවි. ඒකට කමක් නෑ. ඒ අමාරුව  මම විදින්න ඕන දෙයක්. මගේ අරමුණු වලට යන්න කාපට් කරපු පාරවල් ඕනෑ  නෑ .මම මගේ පාර හදාගන්නවා කොහොමහරි .ගොඩක් බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු අපිට නිකන් ඉෂ්ට කරගන්න බෑ. අපි වැඩ කරන්න ඕන .මම වැඩ කරනවා. අද මම මේ ටික ලියනකොට ඉස්සර ඉන්නේ බුදු හාමුදුරුවෝ. පින්තූරේ .මට ඒ රූපෙත් ගොඩක් පිහිටක් තියෙනවා. 2013 මන් වෙනස් .බිස්නස් ප්ලෑන් ඔක්කොටටම මම . ලෝකේ සාර්ථක පොහොසත් මිනිස්සු උඩට ආව හැටි මම දන්නවා . එයාලගේ ජීවිතේ මුල එක දෙයක් තියෙනවා. අප්‍රමාණ කරදර බාධක. එයාලා ඒවට බය වුණේ නෑ .මූණ දුන්න .හුස්ම ටික විතරයි ඉතුරුනේ. අධිෂ්ඨානයය එයාලාව දිරිමත් කළා. මටත් ඔය ටිකමයි. 2013 මම වෙනස් කරනවා කරනවාමයි .2013 මං නැගිටින අවුරුද්දයි

Friday, December 21, 2012

චතුරංගලට කාර් එකක් ගෙනාව

 



අද චතුරංගලට කාර් එකක් ගෙනාව. micro panda අඟුරුවාතොටින් .අංකල්ට එලවන්න බෑ. චතුරංගට පුරුදු නෑ. ඉතින් මම ගියා .විසිතුන එක්සෑම්. ඒ වුණාට ගියා .රෑ වුණා එන්න. ගොඩක් සැප පහසුයි. ඊට පස්සේ බණ්ඩාරගම වැව රවුමේ ගියා පුරුදු කරන්න. වට තුන හතරක් ගියා .හරියටම කන්ද මැදදී වාහනේ නතර වුණා පෙට්‍රල් නැතුව .දෙපැත්තම දැන් බ්ලොක් . වෙලා එහා පැත්තෙ කඩෙන් පෙට්ටල් බෝතල් දෙකක් දාලත් ස්ටාට් නෑ කන්ද හින්දා.ඇයි ටැංකිය ඇලවෙලා නේ තියෙන්නේ . ඊට පස්සේ නිව්ටල්  එකේ පස්සට ගියා කන්ද ඉවර වෙනකන්. ඊට පස්සේ ස්ටාට් කළා

හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී

  මැයි මාර ප්‍රසංගයේ සමිඳ අයියා සමහර විට මං වෙන්නත් ඇති.  සංචරණි වැලි පාර දිගේ හෙමින් හෙමින් එන දිහාව බලන් හිටියා වගේම මමත් ඔයා එන දිහා සෑහෙ...