My Inbox ( මගේ දිනපොත )
I write for you.These every posts are my memories and my thoughts in deep.Sometimes these are my experiences i value a lot.I believe that i can give you a simple pleasure to you and good changes in your mind by these posts.I hope you'll enjoy reading my simple blog.Thank you විටෙක දිනපොත මගේ හොඳම යහළුවා විය.ලියූ බොහොමයක් දෑ අද මා කියවන්නේ ඉතාමත් සතුටිනි.ඔබටත් ඒවා කියව බැලීමට ඉතාමත් සතුටින් මෙහි පල කරන්නෙමි .
Thursday, March 6, 2025
ටිකිරි ආයි එන්නේ නෑ
Friday, December 20, 2024
මිල්ටන් අංකල්
මිල්ටන් අංකල්.
“Thimali
Dad” මෙන්න මෙහෙමයි මගේ ෆෝන් එකේ මම දාගෙන හිටියේ. සුන්දර අහිංසක නිහඩ
චරිතයක් ඉතාමත් කෙටි කලකදී මගේ තුළ වැළඳගත්
චරිතයක් බවට පත් වූයේ ඇයි ද යන්න සිතන විට මේ ලිපිය වැදගත් යැයි සිතමි.
මම යළිත් “තිමාලි ඩෑඩ්”
නමින් දුරකථනය නාද වන්නේ නැති බව දනිමි. එසේ ම ඉතාමත් තැන්පත් කටහඬකින් “දිලූෂ”
කියා ඉතාමත් ඉවසීමෙන් කතා කරන ඒ හඬ යළිත් ඇසෙන්නේ නැත. එනමුදු ඒ දෝංකාරය තවමත් මගේ
හිස තුළය.
එසේත් නැතිනම් ඉඳල
හිටල හෝ පැමිණෙන “මිල්ටන් කලර්”බ්‍රයිට් යන නමින් පැමිණෙන ඊමේල් මගේ ඉන් බොක්සය
තුලට පැමිණෙන්නේ නැත.
ඔබ බොහෝ මෑත මාගේ
කාර්යාලයට අලුතින්පත් වූ නිලධාරී මණ්ඩලය සමඟ පැමිණුනා මට අද වගේ මතකය. කෙටි ඉතාමත්
සුන්දර සිනහවක් මුහුණේ තවරා ගත් ඔබ මට ආමන්ත්‍රණය කළ අයුරු අදටත් මතකයි.
තිමාලි ඔබේ දියණිය මගේ යහළුවන් ගොඩෙහි ඉතාමත්
පිවිතුරු සහ කිසිදා නොවෙනස් වූ චරිතයකින්
හෙබි ඇයට ඔබ කෙතරම් ආදරය කළාදැයි මම දනිමි . ඔබට ඇය අප්‍රමාණ ශක්තියක් සහ ජීවයක්
ගෙන දුන් සේම ඔබ තුළ ජීවත් වූ ඇය කෙරෙහි ඔබේ සෙනෙහස මම ඔබ හමුවූ හැම විටම දුටුවෙමි.
“තිමාලි,
දිලූෂ අයියේ අපේ තාත්තගෙ ෆෝන් එකේ ඔයාගේ නම්බර් එකත් උඩටම දාගෙන ඉන්නේ”
කියල මමත් එක්ක සිනාසුනා මට මතකයි.කොළඹ
විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයන්ගේ සංගමයේ ඉතාමත් කැපී පෙනෙන සාමාජිකයෙක් සේම
මුළු මහත් සමාජයටම ඒ තුළින් සේවයක් කිරීමට ඔබ කැප වූ බව මම දනිමි. විටෙක අතුරුගිරිය අධිවේගී මාර්ගය අසල කුඩා කාර්
රථයක හෝ තවත් විටෙක ඔබගේ ගෙදරදි එසේත් නැතිනම් මට අරුමයක් වූ කොළඹ විශ්ව විද්‍යාලයේදී
හෝ අපි මුණගැසුණා මතකය.සමාජටය් ඉතාමත් කීර්තිමත් දක්ෂ මිනිසුන් සමග දැනුමින්
ඉතාමත් ලාබාල වූ මට ලබාදුන් අත්දැකීම් සහ අවස්ථාවන් හි මට මගේ ජීවිතයේ ඔබගෙන්
ලැබුණු අනර්ඝතම දායාද වලින් එකකි. ඔබගේ ජීවිතයේ යම් කොනක හෝ මම සිටින්නට ඇති බව මම
ඉඳුරා දනිමි. නමුත් මගේ ජීවිතයේ ඔබ තිමාලිගේ පියා නිසාම නොව ඔබ මට විශාල දායාදයන්
ළං කර දුන් විද්වතෙක් බැවින් ඔබේ නික්මයාම මට මෙසේ ලියා තැබීමට සිතුවෙමි. මිල්ටන්
අංකල් ඔබගේ අවමංගල්‍යයට මාගේ නොපැමිණීම ගැන අදටත් මම පසුතැවෙමි .
ජීවිතයේ කිසි ලෙසක
නොසිත් නොවිසුදු නොදුටු කරදර කීපයක් හමුවේ මට ඔබේ නික්ම යාම මගඇරුණෙමි.මට සමා
වෙන්න.මිල්ටන් අංකල්.ඔබට නිවන් සුව...
Saturday, November 9, 2024
අදටත් ඒ මතක මේ පරාල දොළහත් එක්ක ගැටගැහෙන හැටිනේ පුදුමේ !
පරාලයකට ආදරයක් මතක් වෙනවා කිව්වොත් ඔබටත් හිනා යාවි. ඒක සාධාරණයි සාධාරණයි! රෝස පාට රෝස මලක් ,ආදර ලියුමක්, හිතේ හන්ග ගන්න වචන ටිකක් එහෙම නැත්නම් පුංචි හුරු බුහුටි තෑග්ගක් ආදරේ මතක් කළා කලා නම් ඔබ මේ කතාව අහාවි.
ඒත් ඔබ නොහිටියා නම් ඔය පරාලෙ සමහරවිට ඔතන නොතිබෙන්න හෝ පරාල දාලා හෙවිලි කරපු වහලයක් තියෙන්න කාමරයක් ,මෙතන නැති වෙන්න තිබුණා. ඔක්කොම පරාල දොළහයි .ටිකක් ගෙදර වත්තේ ලී කපලා ලී මෝලට අරන් ගිහින් ඉරං ආවේ. අනික්වා බුලත්සිංහල පැත්තෙන් අරන් ආවේ. එදා දහඩිය බිංදුවක් හෙලුවා නම් ඒ ඔබට ඇති ආදරයට විතරක්මයි.
ඒ මහන්සිය හැමදාම රෑට නින්දට යනකොට දැක්ක හීන සැබෑවෙන් ලකුණු පෙන්නුවා. ඉඩ ඇති කාමරයක ඇද උඩට වෙලා හුස්මවදින ගානට ලං වෙවී ආදර කතා කියකිය විහිළු තහලු කරමින් කරමින් ජීවිතයේ මැරෙනකම්ම ළඟම ඉන්න හොඳම යාළුවා එක්ක ඉන්න ඒ මොහොත කොතරම් සුන්දරද?
අදටත් ඒ මතක මේ පරාල දොළහත් එක්ක ගැටගැහෙන හැටිනේ පුදුමේ ! මට තවත් ලියන්න අමාරුයි. කාලෙ ගෙවිල ගියත් මාස අටක් නමයක් .පපුව රිදෙන එක පරාලෙත් එක්ක පැටලෙන එකට කිසිම විසඳුමක් තිබුණේ නෑ . යන්නම්.
Saturday, March 16, 2024
සරුංගලේ හැඩ කරන්න
පුංචි සරුංගලේ ඈත ආකාසේ
නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි
වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාදුනන සීත උණුසුම් කොයි හුළගටත් සරුංගලේට
පුළුවන් අගර දගර දාලා වැඩ පෙන්නන්න.ඒත් සරුංගලේ හැමදාම පුරුදු හුළග එනකන් ඉන්නේ වැඩ
ගොඩක් පෙන්නන්න.ඒ හුළගත් ටිකක් විසේකාරයි.පහළ තියෙන් ගස් වල අතු ටිකක් අඔරවනවා.බිම
තියෙන මිනිස්සුන්ට කිවිසුම් යන දූවිල්ල ඔක්කොම අවුස්සනවා.විසේකාර හුළග එක්ක බෑ.හරි
හරියට ඔට්ටු වෙන්න පුළුවන් සරුංගලේටම විතරයි.ඒ හින්දයි කවදාවත් කුරියා ගහන්නේ
නැත්තේ.
කොච්චර සනීප විදියට හුළග
ආවත් ඒ හුළග එක්ක ඇති තරම් විනෝද වෙන්න සරුංගලේට බෑ.තංගුස් දිග නූල නැත්නම්
සරුංගලේ දැනටමත් සුපුරුදු හුළගත් එක්ක ඔහේ පාවේවි.සමහරවිට හුළග මැරුණහම කඩන්
වැටේවි.ඒ හින්දම තමයි සරුංගලේ තංගුස් නූලට මෙච්චර ආදරේ.ඒකයි සරුංගලේ බය නැතුව අගර
දගර දාන්නේ.
සිංදු කියාගෙන යන පණිවිඩ
අරන් යන හුළගේ ගහගෙන යන කුරුල්ලෝ දවස පුරාවට එමටයි.හුළග එයාලටත් හිරිහැර කරනවද
මන්දා.හුළගට යන්න තැනක් නෑ.ඉන්න තැනකුත් නෑ.ඒත් ආදරය කරන දේවල් එමටයි.ඒකයි හැමදාම
සරුංගලේ හැඩ කරන්න පණ ගන්වන්න ඒ ළගම කැරකෙන්නේ.
අපි බිම ඉදගෙන ඇස උඩ
තියගෙන සරුංගලේ නාටක බැලුවට සරුංගලේට විතරක් ආදරේ කළාට අදෘශ්‍යමාන සුළග අපි ගණන්
ගන්නෙවත් නෑ.ඒත් සරුංගලේ කවදාත් බලාපොරොත්තු වුණේ සුපුරුදු සුළග.එහෙම නේද?
ඉර හද අල්ලන්න බැරි නෑ
ළමයිනේ ලෑස්ති
වෙයල්ලා...උඔලා දුක් විදලා විදලා තාම දෙයක් ලැබිලා නෑ කියලා දුක් වෙන්න එපා.උඔලා
ඉර හද අල්ලන්න ඉපදිච්ච උන්.හරිද? බෑ කියලා දෙයක් නෑ. දුකක් කියලා දෙයක් නෑ.වැඩ
කරපල්ලා උඔලට ඕන දේ ලබා ගන්න.හරිද? හිතන්න එපා දැන් මාව මැරෙයි දැන් මැරෙයි
කියලා.එකෙක්වත් මැරෙන්නේ නෑ.අපේ ඉලක්ක ළගට අන්තිම හුස්මේදී හරි යන්න ඕනි.
හිතන්න එපා ඇගවල් වල
ලස්සනක්.වැඩ කරපල්ලා.හිතන්න එපා සිනිදු අත පය.පස්සේ ඒවා කර ගමු.නැත්නම් යා ගන්න
ඕනි දුර යන්න පරක්කු වේවි.කොල්ලනේ කෙල්ලනේ ලෑස්තිද?
රෝස පාට ආදරේ උබලට ඕනිද?
ඇත්ත කියපල්ලා.එක එකාව බදාගෙන ඉඔ ගන්න කෙහෙල් මල් උඔලට ඕනිද?ඕනි නම් පලයව්.ගිහින්
කොර ගනිව්.හැබැයි ආයිත් උඔලට මෙහෙ එන්න වෙනවා.ඒක දැන ගනින්.ඒක මායාවක් මගේ
යකුනේ.අහුවෙන්න එපා දැම්මම.කල් ඉදලා හිමින් සීරුවේ බලමු.නැත්නම් මේ ගමන යන්න බෑ.
උඔලා කැමතිද ඒකට?
බලපල්ලා බඩගින්න
දැනෙනවාද කියලා.ඇත්තටම බඩගින්නද දැවිල්ලද තියෙන්නේ? දැවිල්ල නම් කාපල්ලා.නැත්නම්
උබලා බොරුවක් කරන්නේ.අපි් එක්ක සැප ගන්න බෑ අද.හෙට සැප ගන්න ඕන නම් අපිත් එක්ක එක
හුස්මේ හිටින්.
අපි කවද්ද කොහොමද පටන්
ගන්නේ? ඕවා ප්‍රශ්න නෙවෙයි.මේ දැන්ම කෙහොම හරි පටන් ගන්න ඕනි.මේ දැන්ම.අපිට හෙටක්
නෑ.තියෙන්නේ අද විතරයි.
අන්ත් උන්ගේ වීරකම්
දකිනකොට උඔලාගේ ඇගේ මයිල් කෙලින් වෙන්නේ නැත්නම් ඔලුව රත් වෙන්නේ නැත්නම් උඔලාගෙන් ඇති වැඩේ මොක්කද? ඒ ශක්තිය එතනට යන්න
මග උබලාටත් තියෙනවා.බැරි එවුන් මෙතන එකෙක්වත් ඉන්නවාද? ඉන්නවා නම් දැන්මම පලයව්...
Wednesday, February 28, 2024
Tuesday, December 19, 2023
අපේ ලොකු තාත්තා
අපේ ලොකු තාත්තා
අලුත් ගෙදරට අපි කීවේ අලුත් ගෙදර කියලා. පොඩි කාලේ
තේරුමක් තිබුණේ නැති වුණාට ප්සේ තමා තේරුම දැන ගත්තේ.මොකද අපේ තාත්තා පවුලේ බාලයා
හින්දා මහගෙදර උරුම වුණේ තාත්තාට. තාත්තා කියන විදියට ලොකු තාත්තා තමයි පවුලෙන්
මුලින්ම බැදලා තියෙන්නේ. එතකොට හදපු මුල්ම ගේ හින්දා තමයි අලුත් ගෙදර කියලා
කිව්වේ.කැන්දගොල්ලේ අපේ හැමෝටම වගේ එහෙ ගෙයක් වුණා මට මතකයි. නංගියි මමයි හැමදාමත්
යන්න ආස කරපු ආදරය කරපු තැනක් තමයි එහෙ. ගොකු තාත්තාගේ පුතාට අපි කියන්නේ ලොකු
අයියා කියලා. හරියට තාත්තා ලොකු තාත්තාට කියනවා වගේ. තිස්ස අයියා කියන්නෙත්
ලොකු තාත්තා. පියතිස්ස වැලිකල තමයි නම. ගමේ අය කිවුවේ තිස්ස මහත්තයා කියලා.
ලොකු තාත්තා අහල පහල බොහෝ පිරිසක් අදුනන කෙනෙක්. අපි කොහේ හරි ගියත් ....
මහත්තයාගේ මූණේ හැඩරුව නම් දැකලා පුරුදුයි.
මං කැන්දගොල්ලේ
එතකොට තිස්ස මහත්තයාගේ කවුරු හරිද?
ඔන්න ඔහොමයි කතාව යන්නේ..
ඔව් පොඩි මල්ලිගේ..
ඒ කියන්නේ මහත්තයා බන්දනාගාර මහත්තයාගෙද පොලීසියේද
නැත්නම් අපේ චූටි මහත්තයාගේද?
තාත්තාත් ැක්ක පවුලේ පිරිමි 4 දෙනෙක් ඉන්නවා. අද ඉන්නේ
තුන්දෙනයි. මං මේක ලියනකොට අපේ ආදරණීය ලොකු තාත්තා අපි ගාව නෑ. ඒ දැනෙන දුක මේ
අකුරු ඔක්කොම බොද කරන්න තරම් කදුලකින් වෑස්සේව් කියලා මට දැණෙනවා.
මගේ මතකයෙන් දැනට තියෙන එක ම මතකයක් හරි අලේ ලොකු තාත්තා
ගැන මැකී නොයාවි කියලා මං හිතනවා. තා්ාගේ පරණ පින්තුර ඇල්බම් වල ලොකු තාත්තා
ඉන්නවා. හරි උස මහතයි. සුදුයි. අපේ අම්මා කියන්නේ ගාමිණී ෆොන්සේකා වගේ කියලා.
හැබැයි පින්තූර දෙක සමාන කරනකොට අපේ ලොකු තාත්තා එයාට වඩා ගොඩක් පරිපූර්ණයි කියලා
හිතෙනවා.
තාත්තා රට ඉන්න කාලේ (මාලදිවයිනේ) අම්මා ඉස්කෝලේ
උගන්වන්න යනකොට සමහර දාට නංගියි මමයි ඉන්නේ එහේ. එහෙට තමයි යන්නම කැමති. ඒ ලොකු
අම්මාගෙයි ලොකු තාතත්තාගෙයි අයියාගෙයි අක්කාගෙයි අපිට තියෙන අසීමි ආදරය හන්දා.
ලොකු තාත්තාගෙ ළග මහා විශාල පෞරුසයක් තිබුණා.හුගාක් දුරට
ඉගෙනගෙන නොතිබුණාට නායකත්ව ලක්ෂණ බොහෝමයක් ඔහු ළග තිබුණා.
අලුත් අවුරුද්දට හැමෝම මුලින් යන්නේ එහාට. කවුරු නැතත්
නංගියි මමයි කැවිලි පිගාන හදාගෙන එහෙ යනවා.
ලොකු තාත්තා අන්ත්‍රා වුණාට පස්සෙත් ලොකු තාත්තාත්
ලීලාත් හැමදාම අපි දෙන්නව බලාපොරොත්තු වුණා.
පරක්කු වුණොත්...
සුභ අලුත් අවුරුද්දක් වේවා! මේ පැත්තට එන්න තේ ටිකක්
බීලා යන්න. කියලා ලොකු තාත්තා කතා
කරනවා මට අද වගේ මතකයි.
ඒ වචන වල කොයි රම් ආදරයක් හිතවත්කමක් රැදිලා තිබුණාද
කියන එක අදත් ඒ වචන මනසේ දෝංකාර දෙනකොට දැනෙනවා.
ලොකු තාත්තා වැන්දම කිව්වේ තුණුරුවන්ගේ සරණයි
කියලා. බුද්ධ ධම්ම සංඝ යන රෙුවනගෙම පිහිට ආරක්ෂාව ලබලා දෙන්න කියලා ඒ හිතන ප්‍රාර්තනාව
ඇ්තතටම සපල වුණු හින්දයි අද මම මේ ලියන්නෙත් කියලා මට හිතෙනවා.කවදාවත් බුදු සරණයි
කියලා විතරක් කියලා නෑ. අපේ ජීවිතේ කවදා හරි මේ සෑම දෙයක්ම නැතිවෙලා යනවා. මගේ
ජීවිතේ පවා. අපේ ආගම ධර්මය ඒකයි. ඒ තරම් රිදෙන්නේ ගොඩක් අපි ලොකු තත්තාට කිට්ටු
වුණ හින්දයි. ඒත් අපිව බලාගත්ත එක තාත්තා කෙනෙක් තමයි ඒ. කාලයක් අපි CD බැලුවා. CD වල Film ආපු මුල් කාලේ. ලොකු
තාත්තාට එතකොට හොදට ඇවිදින්න පුළුවන්. ජීප් එකේ ගිහින් ඉදිකටු හන්දියෙන් CD ගේනවා. Fight තියෙන ඒවා.. එතකොට Wrestling.. ලොකු තාත්තා හින්දි
බලන්නත් ආසයි.එයා බලලා හොද නම් අපිටතත් දෙනවා. ඉස්සරහා මැද සාලේ පුටුවට වෙලා TV එක දිහා කොයි තරම් බලන් ඉන්න ඇතිද? TV එකට සිතුම් පැතුම් තියේ
නම් ලොකු තාත්තා නැති වෙලා ඉන්න කොට කොයි තරම් පාළු ඇතිද? ඒ ලොකු ගෙඩි TV එක.
නෑවම ලොකු තාත්තා ගාව Lux සුවදයි. සුදු පාටයි.
වතුර ගිහින් ඇස් රතු වෙනවා. මං ඉතිං
අහනවා ලොකු තාත්තා නෑවද කියලා
.ඉතිං කතන්දරය පටන් ගන්නවා. උදේ ඉදන් වෙච්ච දේවල්.
අපිව ලැබෙන්න අම්මව එක්කන් ගිහින් තියෙන්නේ ලොකු
තාත්තාගේ Ford එකේ. පස්සේ ඒක හීන් ලොකු
තාත්තා ගාව තිබුණා. 2ශ්‍රී වගේ තමා මතක. මමත් ඒක එළවලා තියෙනවා. ගියර් 04යි
තිබ්බේ. පස්සේ ලොකු තාත්තා ගාව Mitsubishi
Jeep එකක් තිබුණා. ඒක ලොකු
අයියත් එකතු වෙලා හොදට හැදුවා. පස්සේ ලොකු තාත්තාට මරුටි කාර් එකක් තිබුනා. වතුරගම
මාමාගේ කාර් එක මතක විදියට.
හැමෝම බැන්දා. ළමයි හදලලා ඒ පවුල් ගත කළා. අපි දෙන්නගේ
වෙඩින් එක බලන්න කොච්චර ආසාවෙන් ඉන්න ඇතිද? ඒ දවස ලොකු තාත්තාට බලන්න බැරි වුනා.
මගේ ළමයින්ට ලොකු සීයා පෙන්නන්න මට බැරි වුණා. තාමත් සිහිනයක්. එච්චරට අපි ආදරය
කළා. ඒ අපිට තිබුණ ආදරය අපි හැමෝටම එක වගේ තිබුණා.
ලොකු අම්මත් යන්න ගියා. ලොකු තාත්තාත් යන්න ගියා. සමහර
දාට කෝල් කැලා අම්මාට කියනවා උඔලාට
දැන් අපිව මතක නෑ නේද කියලා. අපි කොච්චර
හිතන් හිටියද ලොකු තාත්තා ළගට වෙලා ටිකක් කාලය ගත කරන්න. මගේ තාත්තාව එක්කරගෙන
යන්න තමන්ගේ ලොකු අයියා ගාවට. මං හැමදාම දැක්ක දෙයක් තමයි පවුලේ ලොකුම සහෝදරයයි
පවුලේ බාලම සහෝදරයයි තියෙන බැදීම. ඒක හරිම පුදුම බැදීමක්. ලොකු තාත්තා තාත්තාට
කවදාවත් වචනයක්වත් කියලා නෑ.
අපේ ගෙවල් සේරගේම එකමුතු කමට ප්‍රධාන පුරුක උනේ ලොකු
තාත්තා. දැන් ලොකු තාත්තා යන්න ගිහිල්ලා. ලොකු අම්මාත් යන්න ගිහින්. ලොකු තාත්තාගේ
මළ ගේ දවසේ නෑදෑයින් වෙනුවෙන් කතාවක් පවත්තන්න මට ලොකු වෙහෙසක් දරන්න වුනා. ඒ
තියෙන ආදරේ වැඩි කමට. නිසල දේහයක් ඉදිරිපිට ඔහුට අන්තිමට නිවන් සුව කීවේ වෙනත්
ආත්මෙකදි හරි ලොකු තාත්තා හම්බ වේවායි ! සිතමින්....
ටිකිරි ආයි එන්නේ නෑ
මන් හැදුව ආදරයක් මාසෙකට දෙකකට විනාස කරන්නේ කොමද ? මට ඔයාව මතක් වෙනවා .හුඟක් මතක් වෙනවා .එත් මාත් එක්ක ඉන්න එපා පැටියෝ .ඒක ඔයාට දුකක් .මටත් ...
-
විදුලි බල්බ සැරෙන් සැරේ පත්තු වෙනවා .පාට ගොඩක් වොට් පහේ බුබුළු වලින් එන්නේ .ගේ ලඟ තියෙන කොස් පැලේ බාගයක් තරමට කූඩුව උසයි .ජාතක කතාවක...
-
වේදනාවෙන් මිරිකී සිටි ඇයව වහාම ඇතුලට ගැනුණි .ඒ සමගම දොරද සද්දව ඉබේම වාගේ වැසුනි. තනිවී සිටි මම වැසුණු දොර අසල ඇගේ වේ...