Sunday, May 11, 2025

හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී

 


මැයි මාර ප්‍රසංගයේ සමිඳ අයියා සමහර විට මං වෙන්නත් ඇති.  සංචරණි වැලි පාර දිගේ හෙමින් හෙමින් එන දිහාව බලන් හිටියා වගේම මමත් ඔයා එන දිහා සෑහෙන්න ඕනෑකමින් බලන් හිටියා මට මතකයි.ඒ ගමන හරිම සුන්දරයි .හරිම ඉවසීමක් තිබුණා ඒ ගමනේ.
මට ඒ අතීතෙ මතක් වෙන්න පුදුමාකාර වේදනාවකින්. ඒත් සමිඳ අයියා දුකින් හිටියේ නෑ. මට ඒ තත්ත්වයට එන්න බැරිවෙයි.


සමිඳ අයියා ඇත්ත මල් වෙනුවට  බොරු මල් එල්ලුවට මං එහෙම කළේ නෑ. මැයි මාර ගස්වල මල් එහෙමම තිබ්බා. බලනකොට ඔයාට ආස හිතෙන්න. මැයි මාර වගේ තව නෙල්ලි,කටුඅනොදා,කරපිංචා ,බුරුත, හීනියට මල් පිපෙන මල් වර්ග, අඹ පැළ, මල් හිටෙව්වා . ඒවා දිහා බලන් මගේ සංචරණි හැමදාම හිනා වුණේ නැහැ. ඒවා බලන්න එයාට වෙලාවක් තිබ්බේ නෑ. සංචරණි වැලි පාර දිගේ සමිඳ අයියගේ තාත්තගේ සොහොන ගාවින් ඇවිදන්  ආවා වගේ ඔයාට වෙලාවත් තිබුණෙ නෑ ඒකට.


තුත්තිරි මලක් තියා මල් පෝට්ටුවක් දකින්න ඔයාට වාසනාව තිබුණේ නෑ. ගෙනාපු කරපිංචා ගහේ කොළයක් පොඩි කරන් ඈත ගමින් මතකයන් ඒ සුවඳට ඇවිස්සෙන කොට මං ඇත්තටම එහාට ගිය ගැඹුරක ගිලෙනවා.


ඒ කරපිංච කොල රෝස පාටයි. අනිත් ගහේ වගේ නෙමෙයි. සුවඳයි. මනුස්සයෙකුට තියා මහ පොළොවටත් බරක් නොවී ඉඳලා සමිඳ අයියා වගේ මේ නවාතැනින් යන්න තිබුණා නම් .....
විශ්වීය ආදරය එක්ක මං ඔයාව අයිති කරගත්තා. හැබැයි සමිඳ අයියා  එහෙම කළේ නෑ. මම පැය ගණනාවක් ..දින ගනණාවක් ..මාස ගණනක් කැප කරලා කරල ඔයා මගේ කරගත්තා  .ඒත් සමිඳයියේ ඔයා කියන විදිහට විශ්වීය ආදරේ නෙමෙයි නේද ?
නිමයි


--------------------------------------------------------------------------------------------------------------
පියසටහන් තබා ගියේ මග බලා උන්නු ඔබ වෙන්නැතී
හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී
කවදාවත් නොකී කතාවක කෙළවරේ මම ඉන්නවැතී -
📖 මැයි මාර ප්රසංගය - මහින්ද ප්රසාද් මස්ඉඹුල

හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී

  මැයි මාර ප්‍රසංගයේ සමිඳ අයියා සමහර විට මං වෙන්නත් ඇති.  සංචරණි වැලි පාර දිගේ හෙමින් හෙමින් එන දිහාව බලන් හිටියා වගේම මමත් ඔයා එන දිහා සෑහෙ...