Sunday, May 11, 2025

හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී

 


මැයි මාර ප්‍රසංගයේ සමිඳ අයියා සමහර විට මං වෙන්නත් ඇති.  සංචරණි වැලි පාර දිගේ හෙමින් හෙමින් එන දිහාව බලන් හිටියා වගේම මමත් ඔයා එන දිහා සෑහෙන්න ඕනෑකමින් බලන් හිටියා මට මතකයි.ඒ ගමන හරිම සුන්දරයි .හරිම ඉවසීමක් තිබුණා ඒ ගමනේ.
මට ඒ අතීතෙ මතක් වෙන්න පුදුමාකාර වේදනාවකින්. ඒත් සමිඳ අයියා දුකින් හිටියේ නෑ. මට ඒ තත්ත්වයට එන්න බැරිවෙයි.


සමිඳ අයියා ඇත්ත මල් වෙනුවට  බොරු මල් එල්ලුවට මං එහෙම කළේ නෑ. මැයි මාර ගස්වල මල් එහෙමම තිබ්බා. බලනකොට ඔයාට ආස හිතෙන්න. මැයි මාර වගේ තව නෙල්ලි,කටුඅනොදා,කරපිංචා ,බුරුත, හීනියට මල් පිපෙන මල් වර්ග, අඹ පැළ, මල් හිටෙව්වා . ඒවා දිහා බලන් මගේ සංචරණි හැමදාම හිනා වුණේ නැහැ. ඒවා බලන්න එයාට වෙලාවක් තිබ්බේ නෑ. සංචරණි වැලි පාර දිගේ සමිඳ අයියගේ තාත්තගේ සොහොන ගාවින් ඇවිදන්  ආවා වගේ ඔයාට වෙලාවත් තිබුණෙ නෑ ඒකට.


තුත්තිරි මලක් තියා මල් පෝට්ටුවක් දකින්න ඔයාට වාසනාව තිබුණේ නෑ. ගෙනාපු කරපිංචා ගහේ කොළයක් පොඩි කරන් ඈත ගමින් මතකයන් ඒ සුවඳට ඇවිස්සෙන කොට මං ඇත්තටම එහාට ගිය ගැඹුරක ගිලෙනවා.


ඒ කරපිංච කොල රෝස පාටයි. අනිත් ගහේ වගේ නෙමෙයි. සුවඳයි. මනුස්සයෙකුට තියා මහ පොළොවටත් බරක් නොවී ඉඳලා සමිඳ අයියා වගේ මේ නවාතැනින් යන්න තිබුණා නම් .....
විශ්වීය ආදරය එක්ක මං ඔයාව අයිති කරගත්තා. හැබැයි සමිඳ අයියා  එහෙම කළේ නෑ. මම පැය ගණනාවක් ..දින ගනණාවක් ..මාස ගණනක් කැප කරලා කරල ඔයා මගේ කරගත්තා  .ඒත් සමිඳයියේ ඔයා කියන විදිහට විශ්වීය ආදරේ නෙමෙයි නේද ?
නිමයි


--------------------------------------------------------------------------------------------------------------
පියසටහන් තබා ගියේ මග බලා උන්නු ඔබ වෙන්නැතී
හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී
කවදාවත් නොකී කතාවක කෙළවරේ මම ඉන්නවැතී -
📖 මැයි මාර ප්රසංගය - මහින්ද ප්රසාද් මස්ඉඹුල

Thursday, March 6, 2025

ටිකිරි ආයි එන්නේ නෑ

මන් හැදුව ආදරයක් මාසෙකට දෙකකට විනාස කරන්නේ කොමද ? මට ඔයාව මතක් වෙනවා .හුඟක් මතක් වෙනවා .එත් මාත් එක්ක ඉන්න එපා පැටියෝ .ඒක  ඔයාට දුකක් .මටත් දුකක් .මට හැමදේම දැන් ඇති .මට ඔයාගේ දේවල් දකින දකින හැමවෙලේම මතක් වෙන්නේ අපේ හීන .

ඒවා හීනම වුනා රත්තරන් .ඒවා හීනම වුණා .ඔයාට සැහෙන්න මට ආදරේ කරන්න තිබ්බා මගේ පැටියෝ .එත් ඔයා එහෙම කලේ නෑ .මාව  නිකන් තියන් හිටියා .මමත් මනුස්සයෙක් .මම හරි ආස වුනා ඔයාගේ ආදරේ ලබන්න .එත් එහෙම වුනේ නෑ .ඔයාට මාව  කේන්ති ගිය වෙලාවට බල්ලෙක් තරම්වත් වටිනාකමක් තිබ්බේ නෑ .මන් මැරී මැරී  ජිවත් වුණා .

ඔය මට නැති වුනේ නෑ .ඉන්න තැනක හොඳට ඉන්න .මට ඔයත් එක්ක ඉන්න බෑ .මන් දීපු පොරොන්දු වලට සමාවෙන්න .ඒවා කිසි වටිනාකමක් නෑ .මන් කාටවත් බොරු පොරොන්දු දීල නැහැ .මන් ආදරේ කලේ මගේ ජීවිතේට වැඩිය ඔයාට .ඔයා  ඒක  ගානක්වත් ගත්තේ නැහැ .මන් ඔයාට මගේ ජිවිතේ වගේ ආදරෙයි .එත් මන් ඔය ගාවට එන්නේ නෑ වස්තුවේ .මගේ ටිකිරිලියා .මන් ඔයාට ගොඩක් ආදරෙයි .මට අද කවුරුත් නෑ මේවා කියන්න .මන් ඉස්සර ඉදන් තනි වෙච්ච මිනිහෙක් .

හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී

  මැයි මාර ප්‍රසංගයේ සමිඳ අයියා සමහර විට මං වෙන්නත් ඇති.  සංචරණි වැලි පාර දිගේ හෙමින් හෙමින් එන දිහාව බලන් හිටියා වගේම මමත් ඔයා එන දිහා සෑහෙ...