Saturday, November 9, 2024

අදටත් ඒ මතක මේ පරාල දොළහත් එක්ක ගැටගැහෙන හැටිනේ පුදුමේ !

 


පරාලයකට ආදරයක් මතක් වෙනවා කිව්වොත් ඔබටත් හිනා යාවි. ඒක සාධාරණයි සාධාරණයි! රෝස පාට රෝස මලක් ,ආදර ලියුමක්, හිතේ හන්ග ගන්න වචන ටිකක් එහෙම නැත්නම් පුංචි හුරු බුහුටි තෑග්ගක් ආදරේ මතක් කළා කලා නම්  ඔබ මේ කතාව අහාවි. 

ඒත්  ඔබ නොහිටියා නම් ඔය පරාලෙ සමහරවිට ඔතන  නොතිබෙන්න හෝ පරාල දාලා හෙවිලි කරපු වහලයක් තියෙන්න කාමරයක් ,මෙතන නැති වෙන්න තිබුණා. ඔක්කොම පරාල දොළහයි .ටිකක් ගෙදර වත්තේ ලී කපලා ලී මෝලට අරන් ගිහින් ඉරං ආවේ. අනික්වා බුලත්සිංහල පැත්තෙන් අරන් ආවේ. එදා දහඩිය බිංදුවක් හෙලුවා නම් ඒ ඔබට ඇති ආදරයට විතරක්මයි. 

ඒ මහන්සිය හැමදාම රෑට නින්දට යනකොට දැක්ක හීන සැබෑවෙන් ලකුණු පෙන්නුවා. ඉඩ ඇති කාමරයක ඇද උඩට වෙලා  හුස්මවදින ගානට ලං වෙවී ආදර කතා කියකිය විහිළු තහලු කරමින් කරමින් ජීවිතයේ මැරෙනකම්ම ළඟම ඉන්න හොඳම යාළුවා එක්ක ඉන්න ඒ මොහොත කොතරම් සුන්දරද? 

අදටත් ඒ මතක මේ පරාල දොළහත් එක්ක ගැටගැහෙන හැටිනේ පුදුමේ !  මට තවත් ලියන්න අමාරුයි. කාලෙ ගෙවිල ගියත් මාස අටක් නමයක් .පපුව රිදෙන එක පරාලෙත්  එක්ක පැටලෙන එකට කිසිම විසඳුමක් තිබුණේ නෑ . යන්නම්.

ටිකිරි ආයි එන්නේ නෑ

මන් හැදුව ආදරයක් මාසෙකට දෙකකට විනාස කරන්නේ කොමද ? මට ඔයාව මතක් වෙනවා .හුඟක් මතක් වෙනවා .එත් මාත් එක්ක ඉන්න එපා පැටියෝ .ඒක  ඔයාට දුකක් .මටත් ...