Friday, December 20, 2024

මිල්ටන් අංකල්

 

මිල්ටන් අංකල්.

“Thimali Dad”  මෙන්න මෙහෙමයි  මගේ ෆෝන් එකේ මම දාගෙන හිටියේ. සුන්දර අහිංසක නිහඩ  චරිතයක් ඉතාමත් කෙටි කලකදී මගේ තුළ වැළඳගත් චරිතයක් බවට පත් වූයේ ඇයි ද යන්න සිතන විට මේ ලිපිය වැදගත් යැයි සිතමි.

මම යළිත් “තිමාලි ඩෑඩ්” නමින් දුරකථනය නාද වන්නේ නැති බව දනිමි. එසේ ම ඉතාමත් තැන්පත් කටහඬකින් “දිලූෂ” කියා ඉතාමත් ඉවසීමෙන් කතා කරන ඒ හඬ යළිත් ඇසෙන්නේ නැත. එනමුදු ඒ දෝංකාරය තවමත් මගේ හිස තුළය.

එසේත් නැතිනම් ඉඳල හිටල හෝ පැමිණෙන “මිල්ටන් කලර්”බ්‍රයිට් යන නමින් පැමිණෙන ඊමේල් මගේ ඉන් බොක්සය තුලට පැමිණෙන්නේ නැත.

ඔබ බොහෝ මෑත මාගේ කාර්යාලයට අලුතින්පත් වූ නිලධාරී මණ්ඩලය සමඟ පැමිණුනා මට අද වගේ මතකය. කෙටි ඉතාමත් සුන්දර සිනහවක් මුහුණේ තවරා ගත් ඔබ මට ආමන්ත්‍රණය කළ අයුරු අදටත් මතකයි.

 තිමාලි ඔබේ දියණිය මගේ යහළුවන් ගොඩෙහි ඉතාමත් පිවිතුරු සහ කිසිදා  නොවෙනස් වූ චරිතයකින් හෙබි ඇයට ඔබ කෙතරම් ආදරය කළාදැයි මම දනිමි . ඔබට ඇය අප්‍රමාණ ශක්තියක් සහ ජීවයක් ගෙන දුන් සේම ඔබ තුළ ජීවත් වූ ඇය කෙරෙහි ඔබේ සෙනෙහස මම ඔබ හමුවූ හැම විටම දුටුවෙමි.

“තිමාලි, දිලූෂ අයියේ අපේ තාත්තගෙ ෆෝන් එකේ ඔයාගේ නම්බර් එකත් උඩටම දාගෙන ඉන්නේ” කියල  මමත් එක්ක සිනාසුනා මට මතකයි.කොළඹ විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයන්ගේ සංගමයේ ඉතාමත් කැපී පෙනෙන සාමාජිකයෙක් සේම මුළු මහත් සමාජයටම ඒ තුළින් සේවයක් කිරීමට ඔබ කැප වූ බව මම දනිමි.  විටෙක අතුරුගිරිය අධිවේගී මාර්ගය අසල කුඩා කාර් රථයක හෝ තවත් විටෙක ඔබගේ ගෙදරදි එසේත් නැතිනම් මට අරුමයක් වූ කොළඹ විශ්ව විද්‍යාලයේදී හෝ අපි මුණගැසුණා මතකය.සමාජටය් ඉතාමත් කීර්තිමත් දක්ෂ මිනිසුන් සමග දැනුමින් ඉතාමත් ලාබාල වූ මට ලබාදුන් අත්දැකීම් සහ අවස්ථාවන් හි මට මගේ ජීවිතයේ ඔබගෙන් ලැබුණු අනර්ඝතම දායාද වලින් එකකි. ඔබගේ ජීවිතයේ යම් කොනක හෝ මම සිටින්නට ඇති බව මම ඉඳුරා දනිමි. නමුත් මගේ ජීවිතයේ ඔබ තිමාලිගේ පියා නිසාම නොව ඔබ මට විශාල දායාදයන් ළං කර දුන් විද්වතෙක් බැවින් ඔබේ නික්මයාම මට මෙසේ ලියා තැබීමට සිතුවෙමි. මිල්ටන් අංකල් ඔබගේ අවමංගල්‍යයට මාගේ නොපැමිණීම ගැන අදටත් මම පසුතැවෙමි .

ජීවිතයේ කිසි ලෙසක නොසිත් නොවිසුදු නොදුටු කරදර කීපයක් හමුවේ මට ඔබේ නික්ම යාම මගඇරුණෙමි.මට සමා වෙන්න.මිල්ටන් අංකල්.ඔබට නිවන් සුව...



Saturday, March 16, 2024

සරුංගලේ හැඩ කරන්න

 


පුංචි සරුංගලේ ඈත ආකාසේ නොපෙනෙන තරමට උඩ ගිහින්. අපිට පේන්නේ නැති තරම්.ලස්සන ලස්සන පාට වලින් ඇදගෙන රැලි වලින් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.නාදුනන සීත උණුසුම් කොයි හුළගටත් සරුංගලේට පුළුවන් අගර දගර දාලා වැඩ පෙන්නන්න.ඒත් සරුංගලේ හැමදාම පුරුදු හුළග එනකන් ඉන්නේ වැඩ ගොඩක් පෙන්නන්න.ඒ හුළගත් ටිකක් විසේකාරයි.පහළ තියෙන් ගස් වල අතු ටිකක් අඔරවනවා.බිම තියෙන මිනිස්සුන්ට කිවිසුම් යන දූවිල්ල ඔක්කොම අවුස්සනවා.විසේකාර හුළග එක්ක බෑ.හරි හරියට ඔට්ටු වෙන්න පුළුවන් සරුංගලේටම විතරයි.ඒ හින්දයි කවදාවත් කුරියා ගහන්නේ නැත්තේ.

කොච්චර සනීප විදියට හුළග ආවත් ඒ හුළග එක්ක ඇති තරම් විනෝද වෙන්න සරුංගලේට බෑ.තංගුස් දිග නූල නැත්නම් සරුංගලේ දැනටමත් සුපුරුදු හුළගත් එක්ක ඔහේ පාවේවි.සමහරවිට හුළග මැරුණහම කඩන් වැටේවි.ඒ හින්දම තමයි සරුංගලේ තංගුස් නූලට මෙච්චර ආදරේ.ඒකයි සරුංගලේ බය නැතුව අගර දගර දාන්නේ.

සිංදු කියාගෙන යන පණිවිඩ අරන් යන හුළගේ ගහගෙන යන කුරුල්ලෝ දවස පුරාවට එමටයි.හුළග එයාලටත් හිරිහැර කරනවද මන්දා.හුළගට යන්න තැනක් නෑ.ඉන්න තැනකුත් නෑ.ඒත් ආදරය කරන දේවල් එමටයි.ඒකයි හැමදාම සරුංගලේ හැඩ කරන්න පණ ගන්වන්න ඒ ළගම කැරකෙන්නේ.

අපි බිම ඉදගෙන ඇස උඩ තියගෙන සරුංගලේ නාටක බැලුවට සරුංගලේට විතරක් ආදරේ කළාට අදෘශ්‍යමාන සුළග අපි ගණන් ගන්නෙවත් නෑ.ඒත් සරුංගලේ කවදාත් බලාපොරොත්තු වුණේ සුපුරුදු සුළග.එහෙම නේද?


ඉර හද අල්ලන්න බැරි නෑ

 



ළමයිනේ ලෑස්ති වෙයල්ලා...උඔලා දුක් විදලා විදලා තාම දෙයක් ලැබිලා නෑ කියලා දුක් වෙන්න එපා.උඔලා ඉර හද අල්ලන්න ඉපදිච්ච උන්.හරිද? බෑ කියලා දෙයක් නෑ. දුකක් කියලා දෙයක් නෑ.වැඩ කරපල්ලා උඔලට ඕන දේ ලබා ගන්න.හරිද? හිතන්න එපා දැන් මාව මැරෙයි දැන් මැරෙයි කියලා.එකෙක්වත් මැරෙන්නේ නෑ.අපේ ඉලක්ක ළගට අන්තිම හුස්මේදී හරි යන්න ඕනි.

හිතන්න එපා ඇගවල් වල ලස්සනක්.වැඩ කරපල්ලා.හිතන්න එපා සිනිදු අත පය.පස්සේ ඒවා කර ගමු.නැත්නම් යා ගන්න ඕනි දුර යන්න පරක්කු වේවි.කොල්ලනේ කෙල්ලනේ ලෑස්තිද?

රෝස පාට ආදරේ උබලට ඕනිද? ඇත්ත කියපල්ලා.එක එකාව බදාගෙන ඉඔ ගන්න කෙහෙල් මල් උඔලට ඕනිද?ඕනි නම් පලයව්.ගිහින් කොර ගනිව්.හැබැයි ආයිත් උඔලට මෙහෙ එන්න වෙනවා.ඒක දැන ගනින්.ඒක මායාවක් මගේ යකුනේ.අහුවෙන්න එපා දැම්මම.කල් ඉදලා හිමින් සීරුවේ බලමු.නැත්නම් මේ ගමන යන්න බෑ. උඔලා කැමතිද ඒකට?

බලපල්ලා බඩගින්න දැනෙනවාද කියලා.ඇත්තටම බඩගින්නද දැවිල්ලද තියෙන්නේ? දැවිල්ල නම් කාපල්ලා.නැත්නම් උබලා බොරුවක් කරන්නේ.අපි් එක්ක සැප ගන්න බෑ අද.හෙට සැප ගන්න ඕන නම් අපිත් එක්ක එක හුස්මේ හිටින්.

අපි කවද්ද කොහොමද පටන් ගන්නේ? ඕවා ප්‍රශ්න නෙවෙයි.මේ දැන්ම කෙහොම හරි පටන් ගන්න ඕනි.මේ දැන්ම.අපිට හෙටක් නෑ.තියෙන්නේ අද විතරයි.

අන්ත් උන්ගේ වීරකම් දකිනකොට උඔලාගේ ඇගේ මයිල් කෙලින් වෙන්නේ නැත්නම් ඔලුව රත් වෙන්නේ නැත්නම්   උඔලාගෙන් ඇති වැඩේ මොක්කද? ඒ ශක්තිය එතනට යන්න මග උබලාටත් තියෙනවා.බැරි එවුන් මෙතන එකෙක්වත් ඉන්නවාද? ඉන්නවා නම් දැන්මම පලයව්...

ටිකිරි ආයි එන්නේ නෑ

මන් හැදුව ආදරයක් මාසෙකට දෙකකට විනාස කරන්නේ කොමද ? මට ඔයාව මතක් වෙනවා .හුඟක් මතක් වෙනවා .එත් මාත් එක්ක ඉන්න එපා පැටියෝ .ඒක  ඔයාට දුකක් .මටත් ...