Friday, December 30, 2022

බාගෙට ඇරුනු දොරයි |/ බාගෙට වැසුණු දොරයි

 



බාගෙට ඇරුනු දොරයි 

බාගෙට වැසුණු දොරයි 


සුදු මාමා (විමල් ජයකොඩි ) කිව්වේ එහෙම .ටිකක් වෙලා ගිය තේරෙන්න .බලන්න ආයි කියවල .

එදා කට්ටිය ලොකු කතාවක් .හැමදාම වගේ පාටි එක මුලදී මැදදී අගදිත් ඇතිවෙන්න කතා .වෙලාව යනවා  දැනෙන්නෙත්  නෑ .  ඕපාදුප ,ඕනෑකම් එපාකම් විටෙක කේලම් , උසුළු විසුළු  අදහස් එක්ක මැණික් ගල් වගේ වටිනා වචන ටිකකුත් එහෙ මෙහෙ වෙනවා . ලෝක විස්තර එක්ක විචාරය  වටිනවා .ලංකාව ගැන නම් දැන් වැඩිය කතා කරන්නේ නෑ .මොකද එපා වෙලා තියෙන්නේ . එත් අතීතයේ ගොඩක් දේවල් වල තිබුන සුන්දරත්වය  වැඩිහිටි අය මතක් කලා .

එතකොට ඔය දොරේ ප්‍රශ්නේ ආව .ඇත්තටම මේකේ ගන්න දෙයක් තියෙනවා .

මාමා මගෙන් අහනවා බාගෙට ඇරුණු (වැරදුනා ) දොර පෙන්නලා 

"දිලුෂ  ඔය දොර කොහොමද තියෙන්නේ "

"බාගෙට ඇරලනේ  මාමේ තියෙන්නේ "

මාම  හිනාවෙන ගමන් කියනවා මෙහෙම 

"මට නම් පෙන්නේ බාගෙට වැහිලා වගේ "

අම්මප ඔව් නේ . දැන් මන් කල්පනා කරනවා .ඇත්ත නේන්නම් .ටිකක් වැඩි වෙන්න වගේ ඇවිත්  තිබුන  මාමාගේ කට ඔන්න වැඩ පටන් ගත්තා .

" ඔය දොර බාගෙට වැහුණු දොර කියන්නත් පුලුවන් . නැත්නම් බාගෙට ඇරුණු  දොර කියන්නත් පුලුවන් .දෙකින් එකක්වත්  වැරදි නෑ නේද බලන්න ."

"කතා කරන්න ඉස්සර හොඳට හිතන්න .හැම දේකම අපිට නොපෙනෙන නොහිතන පැත්තක් තියෙනවා .ගොඩක් අය දකින්නේ එක විදියකට විතරයි .එත් ටව ටිකක් දියුණු අය හැම දේකම  තව පැත්තක් දකිනවා .

ඒ අයට සමාජයේ ගොඩක් ප්‍රශ්න අඩුයි .එයාලගෙනුත් එහෙමයි "

මාමා  කිව්වේ ඇත්ත .ඒ චින්තනය හරි වටිනවා . එක විදියකට විතරයි පිට ගොඩක් දේවල් දකින්නේ . පුරුදු වෙලා තියෙන්නෙත් එහෙමයි .

අපි ඒක  වෙනස් කරගන්න ඕනි .ඒ වෙනස හොද දෙයක් කරගන්න ජිවිතයට 


Wednesday, May 11, 2022

ගිය සතියේ අදුරු දවසක

 



ගිය සතියේ අදුරු දවසක


මම නිතරම ගමන් ගියේ මගේ මෝටර් සයිකලයෙන්.ඒකෙන් යන කොට ලාබයි.හැබැයි ඉතිං පරිස්සම අඩුයි.ඒ වගේම අවුවයි වැස්සෙනුයි බේරෙන්න බෑ. මේ දවස් ටිකේම හවසට හොදටම වහිනවා. වැස්සටත් වඩා හුළග. රෑට හැමෝම ගෙවල් ඇතුළේ හින්දා එළියේ වෙන දේවල් පේනවා අඩුයි. උදේට ඉතිං රෑ වැස්සේ දරුණුකම බලා ගන්න සාක්ෂි තියෙනවා. අතු කඩා වැටිලා හේදිලා ගිහින්. Light නෑ. Telephone නෑ. ඔය වගේ දවසක මට හවස Night class එකක් තිබුණා කොළඔ.6 ඉදන් 9 වෙනකන්. එතකොටත් යන්තම් වැස්සක ලකුණු තිබුනත් හයියෙන් වැස්සේ නෑ. මාත් එක්ක මගේ යාළුවෙකුත් ගියා. ඉතිං Class එක ඉවර වෙලා අපි ගියා කටුණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට මගේ හොදම යාළුවෙක් එදා ඕස්ට්‍රේලියා යනවා.ඒකට සුබ පතන්න.

අපි ගුවන් තොටුපලට ගියාට පස්සේ හොදටම වැස්ස. අපි ඇතුළේ ඉදපු හන්දා වැඩිය දැණුනේ නෑ. කොහොම හරි Flight එක 1.30 ට තිබුණේ. අපි එයාලා යනකම් ඉදලයි ආවේ. කොහොම හරි Airport එකෙන් එළියට ආපු වෙලාවේ අමුතුම දේශගුණයක් තිබුණේ. ලොකු හුළගක් එක්ක පින්න තිබුණා. ඒ පින්න හරි සනීප වුණාට සුළග ටිකක් සැඩයි. කොහොම වෙතත් ඉක්මණට එන්න ඕනි හන්දා නැග්ගා බයිසිකලේට.මං එදා මගේ Rain Kit එක අරන් ආවේ නෑ. Rain Kit එක තියෙනවා නම් ලොකු වැස්සකින් උනත් යම්තතාක් බේරෙන්න පුළුවන්. දැන් වැහි බිංදු ටිකක් සැරේට වැටෙනවා.ඒත් අපි එනවා. මගේ යාළුවත් එක්ක එනකොට ගමන යනවා දැනෙන්නේ නෑ.මොකද මිනිහා ගොඩාක් රසවත් දේවල් මගේ කනට දානවා. වැස්ස එන්න එන්නම තද කරනවා. තාමත් පෑලියගොඩටවත් කිට්ටු කරලා නෑ වතුර මගේ ජැකට් එකේ වැදිලා පෙරිලා දැන් කලිසමත් තෙමීගෙන එන්නේ.බහිසිකලයක යනකොට කලිසමක් වතුරෙන් තෙමුනාම හරිම අමාරුයි. එතකොට සීතල දැනෙනවා වැඩියි.රෑ අහස කළුවර වුණාට අද අහස කළුවර නෑ.දම් පාටයි.විටින් විට කළු පාට වෙනවා.  හරිම අසාමාන්‍යයයි.හොදට බැලුවොත් එහෙම වෙන්නේ එක සැරේට විදුලි කොටන හින්දයි කියලා පේනවා.

අපි පෑලියගොඩට ආවා. එක සීරුවට ට්‍රැෆික්.බයික් එක හින්දා එහෙන් මෙහෙන් දාලා ඉස්සරහටම ගියාමයි දැක්කේ පාර හරහා ලොකු ගහක් වැටිලා. ඉතිං මොකද කරන්නේ ගම්පහ පාරේ ටිකක් දුර ගිහින් ආයිත් ප්‍රධාන පාරට දා ගත්තා.දැන්නම් මගේ යාළුවත් හොදටම බය වෙලා.එයාවත් ටිකක් තෙමිලා. ඒත් මට මුවාවෙලා ඉන්න හින්ද වැඩිය තෙමෙන්නේ නෑ.

දැන් හුළග හරිම තදයි. මගේ ජීවිතේට කවදාවත් මෙහෙම  හුළගකට මුහුණ දීලා නෑ. මොර සූරන වැස්සක්. සුළග කොච්චර තදද කියනවා නම් බයිසිකලේ පාරෙන් පැත්තකට වීසික්වෙනවා.. හයියෙන් අල්ලගෙන පදවන්න ඕනේ. හුළගත් එක දිගට අල්ලන්නේ නෑ. එක පාරටම එනවා. නතර වෙනවා. අපේ හෙල්මට් ඔළුවේ ‍නෙමෙයි තිබුණේ. බෙල්ලේ. ඔලුව වටේම හෙල්මට් එක යනවා. එලවන්නත් ඕනේ ඒවා අල්ල ගන්නත් ඕනේ. රෝද හතරේ වාහන නම් කිසිම ගානක් නැතුව යනවා. ඇතුළට ඉතිං දැනෙන්නේ නෑනේ. ඒත් අපිව පහු කරගෙන යන එයාලා වැහි වතුරට දූවිල්ල මිශ්‍ර වෙච්ච දුමක් අපිට දීලයි යන්නේ. ඒ ටික අපේ කටෙයි නහයෙයි ඇස් වලයි. හරිම අමාරුයි. හෙල්මට් එක ඉස්සරහින් තියෙන විනිවිද පෙනෙන ප්ලාස්ටික් කෑල්ල දාන්න බෑ. දැම්මම වැස්සට පාර පේන්නේ නෑ. ඉතිං ඒක ඇරගෙනමයි යන්නේ.මගේ යාළුවගේ දැන් කට ටික ටික වැහිලා. මිනිහා නිදි මතේ. වෙනදට නිදියන වෙලාවනේ. අද නිදිමතයි මහන්සිය දෙකම. මොකුත් කරන්න බෑ.කැරකෙන රෝද දෙකක් උඩනේ ඉදගෙන යන්නේ. දැන් නම් හොදටම තෙමිලා. අපි දැන් ඉන්නේ නුගේගොඩ. මුලු පාරම පාළුයි. කිසිම වාහනයක් නෑ. පාර අවුරුදු ගානකින් පාවිච්චි නොකරපු එකක් වගේ. කොළ රොඩු ඇවිත් ගස් වල අතු වැටිලා ජරා වෙලා හිතාගන්නවත් බෑ. ගස් කැඩෙන්න ඔන්න මෙන්න වගේ නැවිලා හුළගට . අපි හැම වෙලාවෙම පාරේ බෝඩ් බල බල ආවේ තව කොච්චර දුරක් තියෙනවද බල බල.

අපි ලොකු අමාරුවක වැටුණා පිලියන්දලින් බණ්ඩාරගම පාරට දැම්මම.මොකද පාර කැඩිලා වේලිලා තියෙනකොට වලවල් වල ගැඔුර පේනවා. ඒත් දැන් වතුර පිරිලා. කිසිම ප්‍රමාණයක් පේන්නේ නෑ. අපි ගෙදර එනකොට නම් වලවල් සීයක විතර වැටුණා.අපේ පශ්චාත්භාගය නෑ වගේ අපිට දැනුනේ. ඒ තරමට හිරි වැටිලා. අපි දෙන්නටම දැන් හොදටම නිදි මතයි.ඒත් ඉතා අපහසුවෙන් ඇස් ඇරන් ගොඩාක් වෙලා හිටපු නිසා ලොක් වෙලා වගේ. ඒවා අදුම් කනවා. අන්තිම හැතැප්ම කීපය අපි ගියේ අවසිහියෙන් වගේ . අපේ මුලු ගමන කි.මී 150ක් විතර ඇති.එදා හැබැයි අපිට යම්කිසි අවදානමක් අපේ ජීවිතය ගැන දැණුනා. පහුවෙනිදා දවල් 10 විතර ඇහැරුනේ..එදා ප්‍රවෘත්ති වල ශීර් ෂ පාඨය ...

අද උදෑසන සුළග නිසා ධීවරයින් 22ක් අතුරුදහන්...

ටිකිරි ආයි එන්නේ නෑ

මන් හැදුව ආදරයක් මාසෙකට දෙකකට විනාස කරන්නේ කොමද ? මට ඔයාව මතක් වෙනවා .හුඟක් මතක් වෙනවා .එත් මාත් එක්ක ඉන්න එපා පැටියෝ .ඒක  ඔයාට දුකක් .මටත් ...