I write for you.These every posts are my memories and my thoughts in deep.Sometimes these are my experiences i value a lot.I believe that i can give you a simple pleasure to you and good changes in your mind by these posts.I hope you'll enjoy reading my simple blog.Thank you විටෙක දිනපොත මගේ හොඳම යහළුවා විය.ලියූ බොහොමයක් දෑ අද මා කියවන්නේ ඉතාමත් සතුටිනි.ඔබටත් ඒවා කියව බැලීමට ඉතාමත් සතුටින් මෙහි පල කරන්නෙමි .
Friday, March 2, 2018
ඇයි ඔබ සිනාසුනේ
එදත් සිනහවක් නිසා වශී වුනෙමි .අදද එසේමය .පෙර කරන ලද්දා වුද කිසිවිටෙකත් නිවැරදි කර නොගන්නා වරද්දද එයමය .වෑයමෙන් සඟවනා ඇල්ම ආදරය විටෙක මගේ දෑස් වලින් පෙනෙන්නේ දැයි මටම සැකයකි .ඈ මා දෙස බලා සිටින අයුරු මගේ දෑස් වල යමක් සොයන අයුරු අදද මම දුටිමි .වේදනාව ආරම්භ වී ඇත යන්න මට හැඟෙ .යමක අලෙන්නේද යමක ගැටෙන්නේද එයින් වේදනාවක් උපදින බව මම හොඳාකාරවම දනිමි .නමුත් අදටත් මම විශිෂ්ඨයෙකු නොවේ .
හැමදාමත් මම මගෙන්ම අසන පැනය නම් සියදහසක් අතර ඇය පමණක් මට විශේෂ වුයේ ඇයි ?
හද ගැස්මට ඇගේ සම්බන්දය කෙසේ පහල වීද යන්නය .
ඒ සොඳුරු සිනහවට අවංකවම මම ආදරය කරන්නෙමි.ඒ දඟකාර බවට මම ආදරය කරන්නෙමි .ඔබේ මුරණ්ඩුකම සන්තෝෂයක්ම ගෙන ආවේ මටම පමණක්ද?
සිතුව්ලි අතර උද්දීපනය වන ආදර අයැදුම් සිය දහස් ගණනක් තිබෙන්නට ඇත .ඒ සුවඳවත් අතීතය යලි සමරන්නටය .
අප්‍රමාණ අයැදුම් වලින් මට වෙහෙසට පත්වීමට අවශ්‍යය .කිමද ඒ සැම අවස්ථාවකදීම මා පරාජිතයකු වූ බැවිනි .විටෙක කෙසේ හෝ ජයගෙන වීරයෙකු වීමට කැමැති නමුත් කුමක් හෝ නමුත් එයට හරස්වනු ඇත .ඔබ ඔබටම හරියන සේ කූඩු තනන්න .මං නොබලා හිදින්නම් .දිනෙක කෙසේ නමුත් තවමත් විශ්වාස කරන පරිදි එය දැනෙනු ඇත .මගේ සිතුවිලි ඇඳ බැඳ තබා ගන්නට මටම අවසර දෙනු මැන.
Subscribe to:
Posts (Atom)
ටිකිරි ආයි එන්නේ නෑ
මන් හැදුව ආදරයක් මාසෙකට දෙකකට විනාස කරන්නේ කොමද ? මට ඔයාව මතක් වෙනවා .හුඟක් මතක් වෙනවා .එත් මාත් එක්ක ඉන්න එපා පැටියෝ .ඒක ඔයාට දුකක් .මටත් ...
-
අපි මිනිස්සුන්ට "මැන්ටල් " යයි කියුවට ඇත්තටම බැලුවොත් එහෙමම නැ."මැන්ටල් " කියන්නේ "ඔලුව ...