ලෙඩා : රිදෙනවා රිදෙනවා .දොස්තර මහත්තයෝ ඇයි මට මෙච්චර රිද්දන්නේ ?
දොස්තර : සීයේ සමාවෙන්න .ගොඩක් රිදෙනවද ? මන් පුළුවන් උපරිමෙන් නොරිදෙන්න කට්ට ගහන්නම්කො .ඊයේ තුවාලේ වෙලිලද බලමු.
ලෙඩා : මහත්තයෝ ඔබතුමා හිතන්නේ මට වයස කීයක් කියලද ? මට දැන් 80 යි .අපි ඉතින් කොයි වේලාවේද දන්නේ නෑ .ඉස්පිරිතාලෙට ආවෙත් මේ පොඩි කෙල්ලගේ උවමනාටවට .නැත්නම් මන් ඔය කොහාට හරි වෙලා බණක් බවනාවක් කරන ඉන්නවා .
දොස්තර : සීයට ඉන්නේ අද කාලේ හොයාගන්න බැරි දුවෙක්නෙහ් .ඒකට ගොඩක් සතුටු වෙන්න ඔනිනේහ් .බේත් අරන් සනීප වෙලා ඉක්මනට ගෙදර යන්න බැරිය .තව වැඩි දවසක් ඉන්න ඕනි නෙහැ .කෝ අත දෙන්න බලන්න .
ලෙඩා : මට මහත්තයෝ දැන් දැන් බේත් ඕනි නැහැ .මගේ ජීවිතේ මන් හොඳට වින්ද කෙනෙක් .ඇවිද්ද.සතුටු වුණා .යුතුකන් ඉෂ්ට කලා .පවුල් වෙලා ළමයි හැදුවා .ළමයිත් දැන් හොඳ තැන් වල .ඉතින් ඇයි මේ මම තවත් වේදනා විදින්නේ ? මට දැන් ඔනී නිවී සැනසිල්ලේ මැරෙන්න .
දොස්තර : එහෙම කියල බෑනේ සීයේ .සීයා ඇත්ත තමයි කිව්වේ . අපි හැමෝම මැරෙනවා දවසක .අපි සීය තරම්වත් ඉන්න එකක් නැහැ .එත් මගේ රාජකාරිය ලෙඩ්ඩුන්ව සුවපත් කරන එක .චූටි බබාගේ ඉඳන් මැරෙන්න වැටිලා ඉන්න කෙනෙක් වෙනකන් මන් ඉන්නවා ඔයාලත් එක්ක .
I write for you.These every posts are my memories and my thoughts in deep.Sometimes these are my experiences i value a lot.I believe that i can give you a simple pleasure to you and good changes in your mind by these posts.I hope you'll enjoy reading my simple blog.Thank you විටෙක දිනපොත මගේ හොඳම යහළුවා විය.ලියූ බොහොමයක් දෑ අද මා කියවන්නේ ඉතාමත් සතුටිනි.ඔබටත් ඒවා කියව බැලීමට ඉතාමත් සතුටින් මෙහි පල කරන්නෙමි .
Thursday, August 23, 2018
Friday, March 2, 2018
ඇයි ඔබ සිනාසුනේ
එදත් සිනහවක් නිසා වශී වුනෙමි .අදද එසේමය .පෙර කරන ලද්දා වුද කිසිවිටෙකත් නිවැරදි කර නොගන්නා වරද්දද එයමය .වෑයමෙන් සඟවනා ඇල්ම ආදරය විටෙක මගේ දෑස් වලින් පෙනෙන්නේ දැයි මටම සැකයකි .ඈ මා දෙස බලා සිටින අයුරු මගේ දෑස් වල යමක් සොයන අයුරු අදද මම දුටිමි .වේදනාව ආරම්භ වී ඇත යන්න මට හැඟෙ .යමක අලෙන්නේද යමක ගැටෙන්නේද එයින් වේදනාවක් උපදින බව මම හොඳාකාරවම දනිමි .නමුත් අදටත් මම විශිෂ්ඨයෙකු නොවේ .
හැමදාමත් මම මගෙන්ම අසන පැනය නම් සියදහසක් අතර ඇය පමණක් මට විශේෂ වුයේ ඇයි ?
හද ගැස්මට ඇගේ සම්බන්දය කෙසේ පහල වීද යන්නය .
ඒ සොඳුරු සිනහවට අවංකවම මම ආදරය කරන්නෙමි.ඒ දඟකාර බවට මම ආදරය කරන්නෙමි .ඔබේ මුරණ්ඩුකම සන්තෝෂයක්ම ගෙන ආවේ මටම පමණක්ද?
සිතුව්ලි අතර උද්දීපනය වන ආදර අයැදුම් සිය දහස් ගණනක් තිබෙන්නට ඇත .ඒ සුවඳවත් අතීතය යලි සමරන්නටය .
අප්‍රමාණ අයැදුම් වලින් මට වෙහෙසට පත්වීමට අවශ්‍යය .කිමද ඒ සැම අවස්ථාවකදීම මා පරාජිතයකු වූ බැවිනි .විටෙක කෙසේ හෝ ජයගෙන වීරයෙකු වීමට කැමැති නමුත් කුමක් හෝ නමුත් එයට හරස්වනු ඇත .ඔබ ඔබටම හරියන සේ කූඩු තනන්න .මං නොබලා හිදින්නම් .දිනෙක කෙසේ නමුත් තවමත් විශ්වාස කරන පරිදි එය දැනෙනු ඇත .මගේ සිතුවිලි ඇඳ බැඳ තබා ගන්නට මටම අවසර දෙනු මැන.
Friday, January 5, 2018
ගල් ගමුවේ දළ පූට්ටුවා සහ සිංහල දේශය
සිරි ලංකාව ථේරවාද බුදුදහමින් සපිරිනු දේශයකි .
කාරුණික හදවත් ඇති මිනිසුන් ජීවත්වන දේශයකි .
සිල්වත් නොවූ සුදු ඇඳගත් පාලකයන් ජීවත් වන රටකි .
මම ගල් ගමුවේ දළ පූට්ටුවා ගැන මෙච්චර විස්තර දැන ගත්තේ ඌ මිය ගිය පසුය .ඌ ව ඝාතනය කළේය ..ඒ උගේ ඇස් පෙනී නැත .අන්ධ ඇතෙකි .සද්දන්ත හස්තියෙකි .මනරම් දළයුවලක් හිමිය . දුටුවනම හිත් ඇද ගන්නා ඉතාමත් සුන්දර සත්වයෙකි ..රටේ වුනු සම්පතකි .අහිංසක සතෙකි .
අඳ වුවත් තනියෙන් කාබී වනයේ හැසුරුණු කාටවත් කරදරයක් නොකෙරු සත්වයෙකි .මේ රටේ සියයක් ගතහොත් ඉහත සඳහන් හස්තියාගේ වූ ඒක ගතිගුණයක් හෝ හැකියාවක් පිහිටන මිනිසුන් බොහෝ අල්පයකි.බොහෝ අය නමට පමණකි.බොරුවට ආගම් අදහති .
ගහට කොළට මිනිස්සු ආදරේ නැත .සල්ලි ඇති තරමක් දෙන්නේ නම් ඕනි පහත් වැඩක් කරන්නට සිරි ලංකාවේ මිනිස්සු කැමතිය.තොරතුරු හෙළිවන අන්දමට චීවර ධාරියකුද මෙම ඝාතනයට සම්බන්දය .අපේ මිනිසුන්ගේ ප්‍රතිපත්ති සියල්ල පටු වාසි තකා ගොඩනගාගන්නා ඒවාය .සිංහලයෝ බොහෝ විට මහන්සියෙන් හරි හම්බ කරගැනීමට වඩා අනුන්ගේ ගජමුතු සොරා ගැනීමට සමතුන්ය .අතලොස්සක් පමණක් යහපත් කර්මාන්තයෙන් දිවි ගෙවයි . අවාසනාවට මමත් සිරි ලාන්කිකයෙක්මි .එසේ කියන්නට වීම ගැන මම ලැජ්ජා වෙමි .නමුත් වාසනාවකට මගේ රට මේ කාලකන්නි මිනිසුන් පිරුණු සමාජයෙන් මොහොතකට හෝ ඉවත් කරන්න , වෙනස් කරන්න වෙර දරන්නෙක්මි .
මේ සියල්ලටම මුල අසීලාචාර සුදු හැඳගත් හෝ ටයි කෝට් දාගත් රැවටිලි කාර පාලකයින්ගේය .දළ පූට්ටුවගේ සිට අද වෙන විට තවත් දුර්ලබ දළ ඇතුන් කීප දෙනෙකු මේ ලෝකය හැරගොස් අවසන්ය .සමහරකුගේ දිරාගිය ශරීර පවා සොයා ගැනීමට නොහැකි වී ඇත .මේ අසරණ සත්වයින්ගේ අකල් මරණ වලට මූලය සෙවීමට දැන් කාලය පැමිණ ඇත යන්න මගේ මෙන්ම දෙනෝ දාහක් රටේ පුරවැසියන් කියනු ඇත . ලෝකයේ දියුණු රාජ්‍යයන් ගැන සිතා බලන්න.ඔවුන් සියල්ල පරදා ස්වභාවධර්මයට මුල් තැන දේ .ගහට කොළට සතා සිවුපාවට ආදරේ ඇත්තෝය .තිබෙන වන පද්ධති හැකි තරම් ආරක්ෂා කරයි.දුර්ලබ සත්වයෙක් වේ නම් රාජ්‍ය ආරක්ෂාවද ලබා දේ .
පාලනය නිවැරදි නම් රට වැසියන්ගේද ආකල්ප නිවැරදිය .ධනාත්මකය . මිනිසුන්ට ආකල්පමය දියුණුවක් අවශ්‍යමය .එසේ නැතිව මේ රටට වන විනාසය නැවතිය නොහැක . ඊට පාලකයින් ගේද ආකල්ප වෙනස් කල යුතුය .
සිරි ලංකාවේ මිනිස්සු තව කෙනෙකුට කරදරයක් කර හෝ තම බඩ වඩාගන්නට රුසියෝය .ඒවායින් මුල් තැන ගන්නෝ රැස්වන්නේ දියවන්නා ඔය මැද ඇති සියලු සැප සම්පත් ඇති එක්තරා පාපී තැනකය .ඔවුන් ගේ මෝඩකම අපරටේ සතා සිවුපාවවට පවා බලපා ඇත .ඒ අපේම නරකටමය .රටේම අහයපතටය .ගල් ගමුවේ හස්තිය ඔවුන්ට කැලෑ සිවුපාවෙක් පමණි .ඔවුනට මුවාවී දඩයමේ යන මුර්ගයන්ට සල්ලි කන්දකි .ඇත්ත එයයි .
Subscribe to:
Posts (Atom)
ටිකිරි ආයි එන්නේ නෑ
මන් හැදුව ආදරයක් මාසෙකට දෙකකට විනාස කරන්නේ කොමද ? මට ඔයාව මතක් වෙනවා .හුඟක් මතක් වෙනවා .එත් මාත් එක්ක ඉන්න එපා පැටියෝ .ඒක ඔයාට දුකක් .මටත් ...
-
අපි මිනිස්සුන්ට "මැන්ටල් " යයි කියුවට ඇත්තටම බැලුවොත් එහෙමම නැ."මැන්ටල් " කියන්නේ "ඔලුව ...