I write for you.These every posts are my memories and my thoughts in deep.Sometimes these are my experiences i value a lot.I believe that i can give you a simple pleasure to you and good changes in your mind by these posts.I hope you'll enjoy reading my simple blog.Thank you විටෙක දිනපොත මගේ හොඳම යහළුවා විය.ලියූ බොහොමයක් දෑ අද මා කියවන්නේ ඉතාමත් සතුටිනි.ඔබටත් ඒවා කියව බැලීමට ඉතාමත් සතුටින් මෙහි පල කරන්නෙමි .
Tuesday, September 19, 2017
Wednesday, September 6, 2017
සීතල රාත්‍රියද හිරු ඇති උණුසුම් දිනයක් ලෙසට
ආදරයේ අරුණලු යලි පැමිණේවි යයි කිසිදිනෙක නොසිතුවත් ආදරයට සෑම දිනයක්ම අළුත්ය දහසක් සොඳුරු යුවතියන් අතර ඔබ පමණක්ම බලාපොරොත්තුවක් වුයේ ඇයි ?කෙසේද යන්න අදටත් නොවිසදුනු ප්‍රශ්නයකි.ආදරේ කල තරමටත් වැඩියෙන් වේදනාව ලද නිසාදෝ තවමත් එම චකිතය මා පසුබස්වන බව මම දනිමි .වේදනාවෙන් වේදනාවට පත්ව හිතින් අසරණ වූ මා යලිත් පෙර තත්වයට පත්වීමට අදටද නොහැකි වී ඇත .එසේ තියා වෙනත් ආදරයකට මා සිතැඟි වෙනස් කලා හැකිද මා සුවපත්ය කල හැකිද යන්නද ප්‍රශ්නයකි .කිසිඳු කෙනෙකු මා කවුරුදැයි හරියට දන්නේ නැති නමුදු මම දනිමි.වේදනාවෙන් මිරිකුණු ඕනෑම පුද්ගලයෙකු මට යම්තාක් දුරකට හෝ සුවපත් කලා හැකිය යන ශක්තිය මාහට තිබෙන බව දනිමි.නමුත් ආදරය සතුට මා සමග බෙදාගන්නට පැමිණෙන අයට මගේ අවාසනාව ඔවුනටද වේදනාවමය යන්න මට නිතර සිතේ.එම නිසා මම බිය වෙමි .කවදාහෝ දිනෙක මේ සියල්ල අවසන් වේවි .හෝ කිසිදිනෙක අවසන් නොවේවි .
මලක් වැනි වූ ඔබ නැවුම් මුදු පවන සමග සෙලවෙන්නට ආශා බැවු මම දනිමි .සුවඳවත් වූ අවකාශයේ විකසිතව එකිනෙක පරයමින් දෝරෙ ගලන සුන්දරත්වය සමග මුදු හිරු එලිය විදින්නට ආශා බැවු මම දනිමි .වටේ කැරෙකෙන නාඹර බඹරුන් වශී කරවන ලෙසට පැහැබර මල්පෙති නලවන බව මම දුටිමි .මෙසේ සියල්ල තබාගෙන මා නිසා ඔබට උදාවන්නේ අඳුර සපිරුණු සීතල රාත්‍රියක්ද ?
කවුරු දනිත්ද?
සිතැඟි මෙසේ තිබියදී මම ඔබට තනිවම ආදරය කරන්නෙමි .යම් දිනෙක යම් ලෙසක ගණදුර පිරුන සීතල රාත්‍රියද හිරු පායා ඇති දීප්තිමත් දිනයක් ලෙසට කවුරු හෝ දකීවි .
මම එය විශ්වාස කරමි .
Saturday, September 2, 2017
සියල්ල අමතකව ජීවිතය පමණක්ම ඉතිරිව (අවසාන කොටස )
මම හිතන්නේ මට ටිකක්
නින්ද ගියා.ඔලුවේ වඩා කලේ ගෙදර යන ඒක විතරමයි.ඒක හින්ද වෙන්න ඕනි සැරෙන් සැරේ මට
ඇහැරුණේ .ඒ හැමවෙලාවකම හොඳ පදමට වහිනවා .හැමතැනම වාහන .
වාහනේ නවත්වල තිබුනේ
ටකරන් වහලයක් තියෙන ගෙයක් ගාව .මොර සූරන වැස්සත් එක්ක ආපු වේගවත් සුළඟ මගේ ජීවිතේ
ප්‍රථම වතාවට මගේ දෑස් වලින් ගෙදරක වහලයක් ගලවන් ගියා .මම තවත් බය වුණා .ටකරන් ළඟ
ගහක වැදිලා බිම වැටුන .ළඟ කවුරු හරි හිටියනම් ඒ අන්තිම රාත්‍රිය .රූස්ස ගස්
දෙපැත්තට පැද්දුනේ හරියට පීදුණු ගොයමක් හරහා හුළඟක් හමන් යනවා වගේ .මට කිහිප සැරයක් සිතුන ගෙදර යන්න වෙන එකක් නැහැ
කියලා .ආයිත් කොළඹ යන්න වේවි කියල කියල .
පාන්දර 3,4, වෙනකොට
වැස්ස ටිකක් තුරල් වුණා .නමුත් ගලාගෙන යන වතුර පාරේ වෙනසක් වුනේ නැහැ .අඩුවක්
වුනෙත් නැහැ .පාරේ වතුර පැය දෙකක් වගේ යනකොට බැහැල ගියා .එත් සේරම නෙමෙයි .වාහනේ
පන ගන්වල අනික් වාහනත් එක්ක ඉස්සරහට ගියා .යන්න ලැබුනේ අරකාවිලට විතරයි .අරකාවිල ,කොටිගල
හන්දි සේරම යට වෙලා .ගෙවල් කඩවල් යට කරන් අඩි ගණනක් වතුර ,මට්ටම උඩට ඇවිත් .ඉඳිකටු
හන්දියේ හමුදාවෙන් ඇවිත් ගෙවල් වල හිරවෙලා හිටපු කට්ටියව බේරාගත්තා.කඹ දාගෙන,ජීවිතාරක්ෂක
ජැකට්ටු දාගෙන ඒ කරපු දේත් එකතරා භයානක මෙහෙයුමක්.වෙනදට බොහොම සාන්තව කෙට්ටු වතුර
කඳක් ගහගෙන යන මාවක් ඔය එදා පිටාර ගලන යෝධයෙක් වෙලා හිටියා .
වටින් ගොඩින් එලිය
වැටෙනකොට ගෙදරට ඇමතුමක් දුන්නා .මටත් උපරිම මහන්සියි .එදා ඒ වැටුන වැස්ස මුළු ලංකාවටම බලපාල තිබුණා.ජීවිත විශාල ප්‍රමාණයක්
හා දේපල හානි ගොඩක් එක්ක ඒ ආවේ ගන්න වතුරක් නොවෙයි .මහා විශාල අපි කරපු කරුමයක්ද
කියල මට හිතුන.
Subscribe to:
Posts (Atom)
ටිකිරි ආයි එන්නේ නෑ
මන් හැදුව ආදරයක් මාසෙකට දෙකකට විනාස කරන්නේ කොමද ? මට ඔයාව මතක් වෙනවා .හුඟක් මතක් වෙනවා .එත් මාත් එක්ක ඉන්න එපා පැටියෝ .ඒක ඔයාට දුකක් .මටත් ...
-
අපි මිනිස්සුන්ට "මැන්ටල් " යයි කියුවට ඇත්තටම බැලුවොත් එහෙමම නැ."මැන්ටල් " කියන්නේ "ඔලුව ...