I write for you.These every posts are my memories and my thoughts in deep.Sometimes these are my experiences i value a lot.I believe that i can give you a simple pleasure to you and good changes in your mind by these posts.I hope you'll enjoy reading my simple blog.Thank you විටෙක දිනපොත මගේ හොඳම යහළුවා විය.ලියූ බොහොමයක් දෑ අද මා කියවන්නේ ඉතාමත් සතුටිනි.ඔබටත් ඒවා කියව බැලීමට ඉතාමත් සතුටින් මෙහි පල කරන්නෙමි .
Thursday, November 2, 2017
ගිණි කූරු මලකට වඩා
සතුටට කෙළවරක් නැත .සැහැල්ලුවට ඔහේ පාවී යන ගිනිකූරු මලක් වගේ මේ ජීවිතය ගෙවෙනවානම් ?ඔහේ නිසොල්මනේ සැහැල්ලුවට මද පවනේ වුවද ගහගෙන යන .එක වෙලාවකට එක අතකට එන.තවත් වෙලාවකට තවත් අතකට එන තෙරක් නොපෙනෙන ඉමවුව්වක් කරා යාමට සිතුන වාර අනන්තය .මම පැහැපත් බව මම දනිමි .මම රූබර බව මම දනිමි.මම දහසකුත් හැගීම්බර බව මම දනිමි .එසේම අප්‍රමාණ ලෙස කාහට හෝ ආදරණීය බවද මම දනිමි .
නටු අග පිපුණු සුවඳ රෝස මලකට බොහෝ දෙනෙකු ආදරය කරන බව දන්නා නමුත් එසේ කිසිවකුත් තාමත් මට මුණ නොගැසුනේ මා පැහැබර සැහැල්ලු ගිණි කූරු මලක් නොවූ නිසාද ?මේ ලෝකයේ සෑම පුෂ්පයක්ම පිපී සුවද විදහනවා නියතය .එසේම මගේ හිතේ විශ්වාසයද සඵල වෙනවා සත්තය .රෝස මලේ නටුවේ කටු තියෙන්නට ඇති නමුත් එයින් කිසිඳු දිනක මලට හානියක් සිදුවුයේ නැත .එසේම මගේ ජීවිතයේ මා හුදෙකලාවම පසුකළා වුද පසුකරමින් සිටිනා ඉතාමත් දුෂ්කර සිත් පීඩා සහිත මාර්ගය දිනෙක ආශීර්වාදයක් වනු ඇත .
අදට ප්‍රේමය නැත .අදට ආදරය නැත.අදට ලබැඳියාව නැත .ගෙවෙන ගෙවෙන දිනයක් පාසා සොයන්නේ නුඹයි .හෙටට ලැබෙන නුඹ ගැනයි .ඔහු කවුදැයි තවමත් මා නොදන්නා නමුත් අපි අනන්ත වූ නිදහස අසීමිත වූ ප්‍රේමයෙන් බැඳී විදින්නට වග බලා ගන්නෙමු .එතෙක් සමුගන්නෙමි .
Thursday, October 26, 2017
දෙවියන් ඉදිරියේ වැඳ වැටුණු මොහොතක්
විටින් විට ඇගේ ආදරණීය මුහුණ සිහිවෙයි .මම සිපගත් මා ආදරයෙන් බැලූ ඇගේ දෙනෙත් සිනහබර ඇගේ වත .ඇයට කිසිඳු කරදරයක් නම් වන්නට එපා .මෙතෙක් වේදනා විඳීමට ඇය කල වරද කුමක්ද ? තිස්තුන් කෝටියක් තියා එකදු දෙවියකුගේ පිහිට නොපැතූ මගේ උද්දච්ච හිත එදා සියලු දෙවියන් ඉදිරියේ වැඳ වැටුනේ ඇය නිසාය .
ඇය තවත් කෑගැසූවාය .බිත්ති හෙල්ලෙන තරමට කෑගසුවාය .ඒ අතර විටින් විට එහා මෙහා වන සුදු යකඩ උපකරණ වල හඬ ඇසෙන විට පපුව ඉබේම නතර වුණා මෙන් දැනුනේ ඇයි දැයි මම නොදනිමි .
මට ඇය මුණ ගැසුනේ කටු පිරුණු කැලෑවක මුදු තනබිස්සක සිටියදීය .දෙවඟනක් වගේ.ආදරයේ දෙවඟන ජීවිතය ඇතුළු වුණ හැටි තාමත් මතකය .කිසිදිනෙක වාසනාවන්තයෙකු වේ යයි නොසිතූ මම ඇය දුන් ආදරය හමුවේ ලෝකය අමුතුම නැවුම් ආකාරයකට දුටුවෙමි .
සුසිනිදු දෙවගනට මගේ හදවතට එකදු තියුණු කටුවක හෝ වේදවක් නොදී උත්සාහ කලද විටෙක ආදරයෙන් බලන කල්හි ඇගේ ළමැදේ හෝ එහි කෙළවරක යම්කිසිවකින් සීරි ඇතිබව මම දුටුමි .නමුත් වචනයකුදු දෙසවනට අසු නොවුයේ ඇයි ? එම පීඩා ඉඳහිට හෝ සමහරවිට නිතරම ඇයට ගෙන ආවේ දෙවියන් විසින් නොසලකන ලද්දා වූ පුද්ගලයකු විසිනි .
එක වරම සුදු ඇඳගත් මිසී කෙනෙකු දොර ඇරන් දුවයි .දොරේ වැදුනද ? නොවැදුනාද ?
අරුණු දොර වැසෙන්නට පෙර මගේ ප්‍රාණය යන්නට පෙර ඇය ලඟට යන්නට ඇත්නම් ?මම දුර්වලයෙක් වුනෙමි .අසරණයෙක් වුනෙමි .අරුණු දොරෙන් ඇගේ හඬ තවත් වැඩිවී ඇසුනද දැන් එය හැම දෙසින්ම එයි .
Tuesday, September 19, 2017
Wednesday, September 6, 2017
සීතල රාත්‍රියද හිරු ඇති උණුසුම් දිනයක් ලෙසට
ආදරයේ අරුණලු යලි පැමිණේවි යයි කිසිදිනෙක නොසිතුවත් ආදරයට සෑම දිනයක්ම අළුත්ය දහසක් සොඳුරු යුවතියන් අතර ඔබ පමණක්ම බලාපොරොත්තුවක් වුයේ ඇයි ?කෙසේද යන්න අදටත් නොවිසදුනු ප්‍රශ්නයකි.ආදරේ කල තරමටත් වැඩියෙන් වේදනාව ලද නිසාදෝ තවමත් එම චකිතය මා පසුබස්වන බව මම දනිමි .වේදනාවෙන් වේදනාවට පත්ව හිතින් අසරණ වූ මා යලිත් පෙර තත්වයට පත්වීමට අදටද නොහැකි වී ඇත .එසේ තියා වෙනත් ආදරයකට මා සිතැඟි වෙනස් කලා හැකිද මා සුවපත්ය කල හැකිද යන්නද ප්‍රශ්නයකි .කිසිඳු කෙනෙකු මා කවුරුදැයි හරියට දන්නේ නැති නමුදු මම දනිමි.වේදනාවෙන් මිරිකුණු ඕනෑම පුද්ගලයෙකු මට යම්තාක් දුරකට හෝ සුවපත් කලා හැකිය යන ශක්තිය මාහට තිබෙන බව දනිමි.නමුත් ආදරය සතුට මා සමග බෙදාගන්නට පැමිණෙන අයට මගේ අවාසනාව ඔවුනටද වේදනාවමය යන්න මට නිතර සිතේ.එම නිසා මම බිය වෙමි .කවදාහෝ දිනෙක මේ සියල්ල අවසන් වේවි .හෝ කිසිදිනෙක අවසන් නොවේවි .
මලක් වැනි වූ ඔබ නැවුම් මුදු පවන සමග සෙලවෙන්නට ආශා බැවු මම දනිමි .සුවඳවත් වූ අවකාශයේ විකසිතව එකිනෙක පරයමින් දෝරෙ ගලන සුන්දරත්වය සමග මුදු හිරු එලිය විදින්නට ආශා බැවු මම දනිමි .වටේ කැරෙකෙන නාඹර බඹරුන් වශී කරවන ලෙසට පැහැබර මල්පෙති නලවන බව මම දුටිමි .මෙසේ සියල්ල තබාගෙන මා නිසා ඔබට උදාවන්නේ අඳුර සපිරුණු සීතල රාත්‍රියක්ද ?
කවුරු දනිත්ද?
සිතැඟි මෙසේ තිබියදී මම ඔබට තනිවම ආදරය කරන්නෙමි .යම් දිනෙක යම් ලෙසක ගණදුර පිරුන සීතල රාත්‍රියද හිරු පායා ඇති දීප්තිමත් දිනයක් ලෙසට කවුරු හෝ දකීවි .
මම එය විශ්වාස කරමි .
Saturday, September 2, 2017
සියල්ල අමතකව ජීවිතය පමණක්ම ඉතිරිව (අවසාන කොටස )
Sunday, July 30, 2017
සියල්ල අමතකව ජීවිතය පමණක්ම ඉතිරිව (2 කොටස )
මීපේ කිට්ටුවට එනකොට කිසිම මනුස්සයෙක් පයින් යනවා දැක්කේ නැහැ .මීපේ ඔරලෝසු කණුවේ 11.30 සටහන් වෙලා තිබුන .තව පොඩ්ඩ දුරයි .මේ ටික ගිය ගමන් මං ගෙදර .ගෙදර ගිහින් අම්ම උයපු කෑම බඩ පැලෙන්න කාල ,අම්මල නැගිටලා හිටියොත් ගිය විස්තරේ කියන්න මං පුදුම කලබලේකින් හිටියේ .අම්මා දැන් දෙතුන් සැරයක්ම කෝල් කලා .විදුලි කොටනවා වැඩි හන්ද දුරකථනය විසන්දි කලා .මං කවදාවත් එහෙම කරලා නැහැ..එත් එදා නම් මං ට්කක් වෙනස් උනා .ඒ බයටමයි .
කවදාවත් මං එහෙම විදුලි කොටනවා දැකලා නැහැ .
මීපෙන් හැරෙව්වේ හෙට දවස ගැන හිතහිතමයි .කොච්චර වඩා කරගන්න තියෙන දවසක්ද ? ඒකට මොකද මීපේ පන්සල පන්සල හරියට කිට්ටු වෙනකොට වාහන වල පිටිපස්සේ රතු එලි ගණනාවක් පෝලිමට .වීදුරුව පේන්නෙත් නැහැ හරියට .
බැරිම තැන දොරේ වීදුරුව ටිකක් අරගත්තා .අඟලක් එකහමාරක් වීදුරුව පාත් කලහම තමා හිතුනේ වීදුරුව වහලම තිබ්බනම් ඉවරයි කියල .මගේ මූණ පුරාම වතුර විසික් උනා .මමත් කෝකටත් වාහනේ අයින් කරලා බැලුවමයි දැක්කේ සන්තැසිය .කිතුල් කන්දේ ඉඳන් මහා ජාල ගංගාවක් පල්ලම් බහිනවා .සුළුපටු වතුරක් නෙමේ .අඩි දෙකක් විතර උසට වතුර තිබුණා ..මෝටර් සයිකල් වල ගිය අය එතනින් තල්ලු කරන් ආපසු එනකොටයි මට හිතුනේ ඊට එහා තවත් ගැඹුරු ඇති කියල .එත් එකෙක් කිව්වා ලොරියක් පස්සේ දාගත්තම යන්න පුලුවන් කියල .මම ඒක විශ්වාස කලා .ඉතින් ගිය බලන්න .වතුරේ ටික දුරක් යනකොට වාහනේ නතර වෙලා වගේ.පෑගුවාට යන්නනේ නැහැ .එතකොට නම් මගේ හෙනං දාඩිය දැම්මා .ඉස්සරහින් ගිය වාහනේ මගෙන් දුරස් වෙනකොට තවත් බය වැඩි වුණා .
ක්ලච් ඒක බැලන්ස් කරලා ටිකක් ගස්සල වගේ පෑගුවාම කාරය ඉස්සරහට ගියා .එත් බොහොම හෙමින්.යනවා යනවා.වතුර තිබ්බ මීටර 300,400 යන්න පැය ගානක් ගිය වගෙයි මට දැනුනේ .ඇඟට ටිකක් ලේ ඉනුවා පාලම පහුකරලා වතුර හරියකට ආවම .
වාහනේ රත්වෙන්න කෝකටත් පනගන්නල ටිකක් වෙලා තිබ්බ.වාහනේ මීටර් වල එක එක බල්බ පත්තු වෙලා නිවෙනවා .මට සමහරවෙලාවට වාහනේ නතර වුනොත් කියලත් හිතුන.පාර අයිනේ වෙල්යායත් එක්ක තියෙන වක්කඩ මහවැලියේ ඇලක් වගෙයි මං දැක්කේ .ඒ වතුරේ ගහගෙන ගිය දේවල් දැක්කම තමයි හිතුනේ වතුර කොච්චර බර දේවල් උස්සන් යන්න පුල්වන්ද කියල.වැස්ස පොඩ්ඩක්වත් අඩු වුනේ නැහැ .ඉස්සරහ පිටිපස්සේ වාහන පොලිමකුත් හැදිලා .දැන් මොකද කරන්නේ වාහනේ අයින් කරලා සීට් ඒක ඇලකරගත්ත .නින්දටවත් වැස්ස ටිකක් තුරල් කරවන්න පුලුවන්ද බලන්න .ඒක එක අතට හැරි හැරී බෙල්ල ඇම්මට්ටි වෙනකන් ඇඟ අඹරන්න වුණා .නින්දකට හැටියන යහනක් කාර් ඒක ඇතුලේ හදාගන්න .ගියර පොල්ලයි සුක්කනමයි තමයි ඒ වෙලාවේ හිටිය ලොකුම හතුරෝ .
Monday, July 10, 2017
සියල්ල අමතකව ජීවිතය පමණක්ම ඉතිරිව (1 කොටස )
තරු පහේ හෝටලයකට වඩා වැඩි වෙන්න වගේ නානාප්‍රකාර කෑම ජාති වලින් පිරුන කෑම මේසේ දැකලා මගේ හිත පිරුණත් හැඳි ගෑරුප්පු වලින් කාපු කෑමෙන් මගේ බඩ පිරුණේ නැහැ .
ඉස්සරහා ලොබියේ වාඩි වෙලා හිටිය ගෙදර යන්න .මගේ කාරය පාරෙන් එහා පැත්තේ නතර කරන්න කිව්වට මට පුදුම තරහක් එවලේ ආවේ ඒ ආරක්ෂක නිලධාරීන් එක්ක .මේ වැස්ස අස්සේ මොන සිකුරුටිද ?
එදා කොළඹට වැහි බින්දු වැටුනේ නැහැ .අහසින් වතුර පීල්ලක් වැටුන වගෙයි මම දැක්කේ .අමාරුවෙන් හරි හම්බ කරගත්ත ටයි කෝට් සපත්තු පරිස්සම් කරගන්න ඕනි හන්ද තව ටිකක් ලොබියට වේලා වැඩි වේලා හිටිය.පොල් වැහි බින්දු වලින් පස්සේ සිරි පොදයක් වගේ වැටෙන කොට පාරෙන් එහාට පැනල යන්තම් කාරයට ගොඩ වුණා .මගේ කාරයත් පරණ වුනාට මගේ එහෙ මෙහෙ ගමන්වලට පැනල එන්නේ .හමේ තැන් තැන් වල දිරුම් පුල්ලි වැටිලා තිබුනත් හදවතේ ටිකක් සද්ද බද්ද ඇහුනත් කවදාවත් අපිට ඒ කියන්නේ ගෙදර කාටවත් අනතුරක් කලේ නෑ .
වායුසමීකරනයේ අගය තේරෙන්නේ වීදුරු සේරම වහගෙන වැස්සේ යනකොට .මොකද ඇතුලින් දුමාරයක් වගේ වීදුරුවල බැඳිලා .කිසිම දෙයක් පෙන්නේ නෑ .ඉතින් යන ගමන් පිහිදන්න ඕනි .වයිපරයත් වැඩ කරපු එකට එදා නම් ගොඩක් සතුටු වුණා .
වීදුරුවල දුමාරය වැඩි වෙලා අන්තිමට කොච්චර පිහිදම්මත් එලිය හොඳට පෙනුනේ නැත්තේ පිට නාකපන්න වහින හින්ද වෙන්නත් පුළුවන් .
ඔහොම ඉතින් මහරගමට ආවා .මිනිස්සු තැන් තැන් වල නැවතිලා .ඒත් කිහිප දෙනයි .මහා රෑ ජාමේ ධාරානිපාත වර්ෂාවකටත් මදි වෙච්ච මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඇති යන්න හිතෙන්න වුනේ නෑ.පෙනුනා ඒ මිනිස්සු වින්ද දුක .
Sunday, May 14, 2017
ආදරය සුන්දර වරදකි
Wednesday, April 5, 2017
දින පොතෙන්
ඊයේ මිස්ටර් ප්‍රියන්තගේ
(කිරිඇල්ලේ) කඩේ Stock දාන්න ගියා හිරන්ත්
එක්ක.අද පාන්දර 5.30 ගෙදර එනකොට ගොඩක් මහන්සියි.ඔය එහෙම වුණ 4වන දවස.හෙට හොරණ
කුඔුරේ තීන්දුව දෙන දවස.අම්මා යාවි මාමා කෙනෙක් එක්ක.ඒකේ හුටපට ගොඩයි.ඒත් මාමලා
ලොකු අම්මලා සේරම එකු වෙලා ලොකු සටනක් දෙනවා මේකට.
හොරණ කුඔුර මං හිතුවට
වැඩිය විශාල කුඔුරක්.ඒ කුඔුරට යා වෙලා තියෙන ඉඩමේ තමා අරුන්ටික ඉන්නේ.තරහා වුනත්
නූනත් නෑදෑයෝ තමයි අපිට.මෝඩ මිනිස්සුනේ.තණ්හාව වැඩි වුණනාම ඔහොම තමයි. හෙට
තාත්තාගේ බේත් ගේන්න යන්නත් ඕනි ආසිරි එකට.මට යන්න පුළුවන් වේවිද දන්නේ නෑ.මේ දවස්
ටිකේ එපා වෙන්න වැඩ. ගිය සති අන්තේ අපි අනුරාධපුරේ ගියා.රොශේන්ට පූජාවක්
කරන්න.චලනි අක්කලා ගියේ නෑ.නැන්දයි මාමායි කිත්සිරි මාමලයි කෝට්ටේ ලොකු අම්මලා
පානදුරේ ලොකු අම්මත් ගියා.චා බ්‍රෝත් ගියා.කාලෙකට පස්සේ ගිය හොද ගමනක් ඒක.ජීවිතේ
කාර් යබහුලත්වයත් එක්ක හරිම සීග්‍රෙයන් ගෙවිලා යන බව හොදට දැනෙනවා.මට ගෙවෙන කාලයට
තාම වැඩ කරන්න පුළුවන්නම් කියලා හැම වෙලාවෙම හිතෙනවා.
අද හිරන්තගේ ළිදට
ගැරන්ඩියෙක් වැටිලා.ඌ ගොඩ දාන්න ගිහින් දවසම ඉවරයි.පණ පිටින් ගොඩ ගත්තලු.ගෙදර
කට්ටිය එක්ක කතරගම යන්න ඉන්නේ.මේ මාසේ කොහොම හරි යනවා.කාර් එකෙත් පොඩි පොඩි වැඩ
ටිකක් තියෙනවා හදා ගන්න.ඒ ටිකත් කරගෙනම යන්න තතමා ඉන්නේ.
ටිකිරි ආයි එන්නේ නෑ
මන් හැදුව ආදරයක් මාසෙකට දෙකකට විනාස කරන්නේ කොමද ? මට ඔයාව මතක් වෙනවා .හුඟක් මතක් වෙනවා .එත් මාත් එක්ක ඉන්න එපා පැටියෝ .ඒක ඔයාට දුකක් .මටත් ...
-
අපි මිනිස්සුන්ට "මැන්ටල් " යයි කියුවට ඇත්තටම බැලුවොත් එහෙමම නැ."මැන්ටල් " කියන්නේ "ඔලුව ...