Saturday, June 25, 2016

හඳුනාගත්තොත් ඔබ ඇය !!!




ගැහැණියක් තුල සෑමවිටම ආයාසයෙන් පිටට නොපෙන්වන තවත් ගැහැණියක් ජීවත් වේ .ඇය ඇයට වඩා හාත්පසින්ම වෙනස්ය .කිසිවෙක් ඇය නොදකී .ඇය දැකිය හැකි එකම ක්‍රමයක් වේ නම්  ඔබ ඇයට හද පත්ලෙන්ම ආදරය කල යුතුය .විශේෂයෙන් ආදරය ලබා දීමය .

ඇය කෙලිලොල්ය .සරලය .දඟකාරය .විසේකාරය.කටකාරය .මේ මම දුටු ඇයයි .විවිධ බාධක ඉදිරියේ විවිධ හිමිකම් ඉදිරියේ ඇය නොපෙනෙන නොදකින ලෙස සිතේ මුලුගැන්වෙන ආකාරය ඔබ ළඟ සිටියොත් ඔබටත් දැනේවි .

ආදරය කලා යුත්තේ ඒ මුලුගැන්වෙන ඇයට යි .සුපිරිසිදු ඇගේ ආත්මය නම් මුලුගැන්වෙන ඇයයි .ඔබ ඇයට සමීප නම් ඇය ඔබ දුටු විටම හඳුනා ගනී .එවිට සිරුර පුරා දිවෙන්නේ ඇයයි .

ටිකිරි ආයි එන්නේ නෑ

මන් හැදුව ආදරයක් මාසෙකට දෙකකට විනාස කරන්නේ කොමද ? මට ඔයාව මතක් වෙනවා .හුඟක් මතක් වෙනවා .එත් මාත් එක්ක ඉන්න එපා පැටියෝ .ඒක  ඔයාට දුකක් .මටත් ...