I write for you.These every posts are my memories and my thoughts in deep.Sometimes these are my experiences i value a lot.I believe that i can give you a simple pleasure to you and good changes in your mind by these posts.I hope you'll enjoy reading my simple blog.Thank you විටෙක දිනපොත මගේ හොඳම යහළුවා විය.ලියූ බොහොමයක් දෑ අද මා කියවන්නේ ඉතාමත් සතුටිනි.ඔබටත් ඒවා කියව බැලීමට ඉතාමත් සතුටින් මෙහි පල කරන්නෙමි .
Friday, December 25, 2015
Monday, December 21, 2015
ගසක කඳුළු අපව ජීවත් කල හැටි (1 කොටස )
අද ඉඳන් පිටිපස්ස හැරිලා බලනකොට මේ අතීතය ගොඩක්
ඈතක නෙමේ තියෙන්නේ .අවුරුදු 5 ,6 කට ඉස්සර
වගේ .මට මතකයි ඒ දවස් වල මම ගෙදර ප්‍රතිපල එනකම් ඉන්නවා.සතියකට දවසක් වගේ මට කොහේ
හරි පංති තියෙන්න ඇති .නෑ NIBM යනවා.පලවෙනි අවුරුද්ද ද කොහෙද.
අම්මට තාත්තට දෙන්නටම රස්සාවක් නැහැ .නංගි තුන්වෙනි සැරේ උසස් පෙළ ලියන්න ලෑස්ති
වෙනවා.ගෙදර වියදම් ඔක්කොම පිරිමහුනේ ණය වලට
කැපිල ඉතිරි වෙන අම්මගේ සොච්චම් පඩියයි ගේ පිටි පස්සේ තියෙන රබර් කට්ටියෙනුයි
.සමහරදාට ගෑනු එක්කෙනෙක් ඇවිත් කපල යනවා.පෙරලත් යනවා.ඒත් රොටි අල්ලන්නේ අපි.ඒ
ගැහැණු කෙනා නැති දාට අම්මා පරණ ඇඳුමකුත් දාගෙන කිරි කපනවා.මගේ පරණ කොළ පාට කැප එකකුත්
දාගෙන අම්ම වයසටත් වැඩි කඩිසරකමකින් ලා මීදුම අස්සේ ගහකින් ගහකට දුවනවා මට පේනවා දැනුත් බොඳ වෙලා
.මේ අතීතය .මේ තමයි ශක්තිය අදටත් .
ගැහැණු කෙනා වයසයි. චීත්තෙයි හැට්ටෙයි අදින්නේ
.කිරි කපන වෙලාවට චීත්තෙ දනිස්ස ගාවට අදින්නේ .
ඒත් හරිම නරක කටක් තියෙන්නේ .ඕප දුප
හොය හොයා යනවා .සැරයක් මමයි අම්මයි කිරි කපනවා කියල ගමේම කියල තිබුන . කමක් නෑ පව්
..මෝඩ කමනේ ඒ එක්කෙනාගේ .. ඒත් අම්මට ඒක ගොඩක් රිදෙන්න ඇති .
උදේට කෑමත්
හදල කිරි පිහියත් එක්ක යන අම්මව කිරි කට්ටියේ තනි කරන්න මට හිත දුන්නෙම නැහැ .මමත්
හරි හරියට හැප්පුන .එහා වත්තේ නැන්දලට පෙනෙයි කියල මට ලජ්ජා හිතුනට අම්මට එහෙම
හිතුනේ නැහැ .එදා මට කියල දුන්න පාඩමක් නොකියම .
“නම්බුව බිමින් තියන්න .හරිදේ කරන්න ”
මමත් ඊට පස්සේ හැමදාම කිරි කපන්න ගියා .අම්ම මට
කියල දුන්න දිය පට්ටේ තුවාල නොකර කිරි ගන්න විදියට තුනියට පොත්ත අයින් කරන්න.
පොඩි පිහියෙන් මං ගස් තුන හතරක් මුල් දවස් දෙක
තුනේ තුවාල කලා .පස්සේ හරි ගියා .පට්ටේ තුවාල උනාම කඳේ ගැට එනවා.ඒවා ආවම පොත්ත
නැහැ .කපන්න බැහැ.හරි ආනතියට කැපුවේ නැත්නම් කිරි පාර හැදෙන්නේ නැහැ .
පොල්කට්ටට කිරි බින්දු වැටෙනකොට සතුට කියල නිම
කරන්න බැහැ .පට්ටේ තුවාලේ වුනු තැන්වලින් පොඩ්ඩ් පොඩ්ඩ කිරි බින්දු උනන හැටි ගොඩක්
ලංවෙලා බැලුවම පේනවා.ඒ බින්දු දෙක තුන එකතු වෙලා කිරි පාර පොල් කට්ටට පල්ලම්
බහිනවා . මං එක ගහක් කපනකොට අම්ම ගස් 5ක් විතර කපල ඉවරයි .ගහේ එලියට යන කිරි පාරවල් ඇඟිල්ලෙන් හදන්න ඕනි . හැමවෙලාවෙම කිරි පාර හදන
ඇඟිල්ල වේලිලා තිබ්බොත් වැඩේ කරන්න ලේසියි . මං ආසම වැඩේ ඒක .ඒකට හොඳ ඉවසීමක්
තියෙන්න ඕනි .
පීලි නැති ගස් වලට පීලි තියල කිරි පිහියේ
නොපිටින් ගහල හයි කරන්නව .ඒකට ගස් කම්බි 3ක් 4ක් වගේම
පීලි 10ක් 15 ක් සාක්කුවේ තියෙන්න ඕනි .
කිරි පිහිය හරියට දැලි පිහියක් වගේ තියුණුයි
.හැමදාම වැඩට යන්න කලින් අහක දාන පිඟන්
ගඩොල් කෑල්ලකින් මැදල මුවහත තියාගන්න ඕනි .
මං මේවා ඉතාමත් ආසාවෙන් කරපු දේවල් .අමාරු උනත්
අද අපිව ජීවත් තාමත් ජීවතුන් අතර තිබ්බේ අද මම මෙතන ඉන්නේ එදා රබර් ගහෙන් පොල්
කට්ටට එකතු කරපු කිරි බින්දු ටිකෙන් කියන්න මං ආසයි .
ගහේ පොත්ත කපන්න ඉස්සර කරන්න ඕනි වැඩ දෙකක් තිබුන
.එකක් ඉස්සෙල්ල දවසේ කිරි පාර ගියා මිදුන ඔට්ටපලු පටිය අයින් කරන්න ඕනි .අනික තමයි
පොල්කට්ට සුද්ද කරන්න ඕනි .සමහර වෙලාවට වහල පලවුනු පොල් කටුත් තියෙනවා.ගඳ සුවඳ
බලන්න බැහැ ඒ වෙලාවට .සුද්ධ කරන ඕනි .
මතු සම්බන්ධයි .
Subscribe to:
Posts (Atom)
ටිකිරි ආයි එන්නේ නෑ
මන් හැදුව ආදරයක් මාසෙකට දෙකකට විනාස කරන්නේ කොමද ? මට ඔයාව මතක් වෙනවා .හුඟක් මතක් වෙනවා .එත් මාත් එක්ක ඉන්න එපා පැටියෝ .ඒක ඔයාට දුකක් .මටත් ...
-
අපි මිනිස්සුන්ට "මැන්ටල් " යයි කියුවට ඇත්තටම බැලුවොත් එහෙමම නැ."මැන්ටල් " කියන්නේ "ඔලුව ...