I write for you.These every posts are my memories and my thoughts in deep.Sometimes these are my experiences i value a lot.I believe that i can give you a simple pleasure to you and good changes in your mind by these posts.I hope you'll enjoy reading my simple blog.Thank you විටෙක දිනපොත මගේ හොඳම යහළුවා විය.ලියූ බොහොමයක් දෑ අද මා කියවන්නේ ඉතාමත් සතුටිනි.ඔබටත් ඒවා කියව බැලීමට ඉතාමත් සතුටින් මෙහි පල කරන්නෙමි .
Friday, April 10, 2015
හරි නේද ?
ජීවිතේදී තව කෙනෙක් වෙනුවෙන් හිනාවෙනවා කියන්නේ ...තවකෙනෙක් වෙනුවෙන් අඩනවා
කියන්නේ ජීවිතේ බෙදාගන්නවා කියන්නේ වාසනාවක් ..හැමෝටම නොලැබෙන දෙයක් ..තව කෙනෙක්
නිසා ලස්සනට අදින්න පළදින්න ,,කතාකරන්න ,ඉගෙනගන්න වගේ සැම වෙනස් වීමක්ම සිදුවීමක්ම වෙන්නේ
තියෙන තද බැඳීමක් නිසා
Wednesday, April 8, 2015
මල් පිපිලා
හැම
මලක් දිහාම මිනිස්සු බලන්නේ නෑ.මල ලස්සන වෙන්න ඕනේ.මලේ පෙති හැඩ වෙන්න ඕනේ .පෙති
පාට වලින් පිරිලා තියෙන්නත් ඕනේ .දැක්කම ආස හිතෙනවා.නෙලා ගන්නමයි හිත.නැත්නම්
මලෙන් ටිකක් රොන් ගන්න .සුවදයි නම් තවත් වටිනවා .මලේ ලස්සන නැත්නම් ඇයි මලට “මල ” කියන්නේ
?”කැත මල් ”තියෙනවද?ඇයි එහෙනම් එයාල මේ පොලවේ පිපුනේ?හැම මලක්ම මිනිස්සු ලස්සනයි
කියල කියන්නේ නෑ .එහෙම ඒ අයට පේන්නෙත් නෑ .
මිනිස්සු
බලන විදිය එකින් එකාට වෙනස් .එත් ඕනෙම මලක් දිහා” ලස්සන මලක්” විදියට මිනිස්සුන්ට
දකින්න බැරි ඇයි ?ඒක තමයි ලෝක ස්වභාවය. ඒක ලොකු අතපසුවීමක්. එත් කවුරුත් හිතුවද අර
හැමෝටම අමතක උන කාටවත් නොපෙනෙන මල් වලට මොනවා හිතෙනවා ඇද්ද කියල.එයාල දුක් වෙනවා
සත්තයි .මලක් වෙලා ඉපදුන පලියට ඇයි ස්වභාවධර්මයා මෙහෙමත් හිංසා කරන්නේ.ඒ මල්
කොච්චරක් සිතින් තැලෙනවද ?තවත් කොච්චරක් අපහසුවෙන් උනත් ඉවසීමෙන් ඉන්නවද?මලක්
වෙන්න පෙති දීලත් ඒවායේ ලස්සන පාට නැත්නම්,සුවඳ නැත්නම් ඒ මලට තමන් ගැන දුක
හිතෙනවා .
තවත්
මලක් තමන්ට වැඩිය ලස්සන නම් එයා වටේ ගොඩක් බඹරු කැරකෙනවා නම් ඒ හැම මලක්ම අනික් මලට ඉර්ෂ්‍ය කරන්නේ නෑ .සතුටු වෙනවා
සිතින්.එහෙම පින් සිතුවිලි මිනිස්සුන්ට
තාම ඇතිවෙනවා.අපේ ලෝකේ විනාස වෙලා නෑ තාමත් .
Subscribe to:
Posts (Atom)
ටිකිරි ආයි එන්නේ නෑ
මන් හැදුව ආදරයක් මාසෙකට දෙකකට විනාස කරන්නේ කොමද ? මට ඔයාව මතක් වෙනවා .හුඟක් මතක් වෙනවා .එත් මාත් එක්ක ඉන්න එපා පැටියෝ .ඒක ඔයාට දුකක් .මටත් ...
-
අපි මිනිස්සුන්ට "මැන්ටල් " යයි කියුවට ඇත්තටම බැලුවොත් එහෙමම නැ."මැන්ටල් " කියන්නේ "ඔලුව ...