I write for you.These every posts are my memories and my thoughts in deep.Sometimes these are my experiences i value a lot.I believe that i can give you a simple pleasure to you and good changes in your mind by these posts.I hope you'll enjoy reading my simple blog.Thank you විටෙක දිනපොත මගේ හොඳම යහළුවා විය.ලියූ බොහොමයක් දෑ අද මා කියවන්නේ ඉතාමත් සතුටිනි.ඔබටත් ඒවා කියව බැලීමට ඉතාමත් සතුටින් මෙහි පල කරන්නෙමි .
Friday, February 21, 2014
ඇහෙන්නටත් ඇහෙන කනක් තිබිය යුතුයි
ඕක තමයි අද ගොඩක් අයට අඩු .තමන්ගේ තත්වය තානාන්තරය වැඩි වෙනකොට කන ඇහෙන්නේ නැතුව යනවා.සමහර අයට ඇහෙන්නෙම නෑ.නෑදෑයෝ ,යාලුවෝ හෝ කවුරු උනත් කතා කරන දේ ඇහෙන්න ඇහෙන කනක් තියෙන්නම ඕනේ.
දැන් කතාකරන බිහිරි බව ශාරීරිකව ඇති අඩුපාඩුවක් නෙවෙයි.ශාරීරිකව බිහිරි අය ඇත්තටම අසරණයි.එත් මේ බොරුවට කන ඇහෙන්නේ නැති අය ආත්මර්තකාමී කියලයි මට හිතෙන්නේ.ඇත්තටම එයාල කවුරුත් කියන දේ අහන්නේ නෑ.
උසස් පෞරුෂයක් බලාපොරොත්තුවන කාට උනත් බිහිරි බව අඩුපාඩුවක්.මුලින්ම අනුන්ට ඇහුම්කන් දෙන්න පුරුදුවෙන්න ඕනේ .ඒ කියන දේවල් වැදගත් හෝ නොවෙන්න පුළුවන් .එත් ඇහුම්කන් දීම වැදගත් අවබෝධයෙන් .එතකොට අවශ්‍ය දේවල් හිතේ ධාරණය කරගෙන අනික් නොවැදගත් දෑ අතහරින්න පුළුවන් නිසා. ඒක ගොඩක් හොඳ නායකත්ව ලක්ෂණයක් .ඉතාම ප්‍රයෝගික සංසිද්ධියක් .
බොහොම ටික කාලෙකින් තමන් වටේ ගොඩක් අය රැස් වේවි අනික් අයට ඇහුම්කන් දුන්නොත් .
Monday, February 17, 2014
සිනා නොවුනද සිතේ වුන් ඇය ආදරණීයයි...
සිනහවක් වත් නැත ඔබේ මුහුණේ ..
බිම බලාගෙන යන ගමන හැඩයි
සුදෝසුදුවන් වතේ එලියට
ගෙබිමද එලිය වී ඇති සැඩයි...
සිනා නොවුනද සිතේ වුන් ඇය ආදරණීයයි...
සිනාවක් නැත්තේද නොවේ.සතියකට දෙවරක් මා ඉදිරියේ වීදුරු දොර විවුර්ත කරගෙන වායු සමීකරණය කරන ලද පාසලට ,එනම් මගේ හා ඇගේ රාජකාරි ස්ථානයට ඈ පැමිණෙන්නේ පුර හඳක් වන් වතේ පටලව ගත් ඇස්කන්නාඩියත් ,පුර හඳේ දිස්නය දෙන එලිය වන් ඇගේ යන්තමට විදහාගත් දසන් පෙළත් සමගය .එක් උරයක රැඳුනු චාම් පාට දෙකේ බෑගය එතරම් බරක් ඇතැයි නොසිතුනත් ඇය එය තව අතකින් සැමවිටම අවනත කරගත්තේ නොදනුවත්වමයි.
ළමුන් සියගණනකට ඇසුනත් ඒ හඩෙහි මිමිනීමක්වත් තවමත් මා අසා නැත.ගුරු සිසු බැම්ම තිබෙන නමුත් ඔවුන් කෙරේ මතුළ දුක දෙන සියුම් ඉර්ෂියාවක් නැත්තේද නොවේ.සිසුවෙකු වී ඇගේම පන්ති කාමරයේ ඇය අසලම ගැවසීමට මතුළ ඇති ආශාව බොළද නමුත් එහි ආස්වාදය කිසිවකින් ලබා ගත නොහැකි බව මට සිතේ.
මා තුල පැතූ ආදරණීය පැතුමක් ඇත.එනම් මගේ කුළුඳුල් ආදරය ඈ සොයන එකම ප්‍රේමය වීමයි.
Saturday, February 1, 2014
ඇත්තටම මැන්ටල් ද ?
අපි මිනිස්සුන්ට "මැන්ටල් " යයි කියුවට ඇත්තටම බැලුවොත් එහෙමම නැ."මැන්ටල් " කියන්නේ "ඔලුව අප්සෙට් ".සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් දෙයක් කරනවා නම් හරි හිතෙනවා නම් හරි අපි හිතන්නේ එහෙමයි.ඔය විදිය හැමතෑනදීම වලංගු නැ.
අසභ්‍ය ,අශීලාචාර දෙයක් හැරෙන්නට පිස්සන්ගේ වැඩ පිස්සු වගේ දකින්නේ අපිටත් කොතැනක හෝ අවුලක් තියෙන හින්ද කියලයි මට හිතෙන්නේ.සාමාන්‍ය සමාජයේ නිතර නොදකින එහෙත් අවශ්‍යම ,වටිනා සමහරවිට අප සමාජයෙන් අමතක වෙලා ගිය බොහෝ දේවල් "මැන්ටල් " අය ළඟ තියෙනවා .අපි ඒ දේවල් අත්දකිනකොට එන නුහුරුකම ආගන්තුක බවට හේතුව ඒ දේවල් වලට අපිත් පුරුදු නැති හින්දයි .ඒ දේවල් මොනවද කියල උදාහරණ "මැන්ටල් " පුද්ගලයෙක් ළඟ ඉඳලම බලන්න .
Subscribe to:
Posts (Atom)
ටිකිරි ආයි එන්නේ නෑ
මන් හැදුව ආදරයක් මාසෙකට දෙකකට විනාස කරන්නේ කොමද ? මට ඔයාව මතක් වෙනවා .හුඟක් මතක් වෙනවා .එත් මාත් එක්ක ඉන්න එපා පැටියෝ .ඒක ඔයාට දුකක් .මටත් ...
-
අපි මිනිස්සුන්ට "මැන්ටල් " යයි කියුවට ඇත්තටම බැලුවොත් එහෙමම නැ."මැන්ටල් " කියන්නේ "ඔලුව ...